14 වන සියවසෙන් පසු යුරෝපයේ ඇති වූ ජාතිමාමක සංකල්පය නිසා ජාතික රාජ්‍ය බිහිවිය. මෙම ජාතික රාජ්‍ය බිහිවීමට මූලික වශයෙන් බලපෑවේ එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පයයි. මුලින්ම යුරෝපයේ ඇති වූ ජාතික රාජ්‍යයන් වූයේ එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයයි. ඵසුව ඉතාලිය සහ ජර්මනිය ද ජාතික රාජ්‍යයන් ලෙස වර්ධනය විය. මෙසේ යුරෝපය පුරාම ජාතික රාජ්‍යයන් ඇතිවීමට හේතු වූ කරුණු කිහිපයකි.
* යුරෝපයේ පුනරුදයත් සමඟම නැඟී ආ වෙළඳ පන්තියට සුදුසු පරිසරයක් ගොඩනැංවීම.
* රට තුළ සාමය ඇතිකිරීමට අවශ්‍ය පොදු නීති සැකසීමට සිදුවීම.
* මුදල් ක්‍රම, බදු ක්රමයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වීම.
* ඉහත කරුණු ඉටුකළ හැක්කේ සෘජු පාලනයක් සහිත රජකෙනෙකුට පමණක්ය යන මතය ඇතිවීම.
* රදළයන් සතු බලය බිඳ වැටීම.
* පල්ලිය සතු අසීමිත බලය ද පාලනයට අහිතකර වීම නිසා එය බිඳ දැමීමට ද අවශ්‍ය වීම.
මෙසේ ඇති වූ අවශ්‍යතා මත යුරෝපයේ ජාතික රාජ්‍යය ගණනාවක් බිහිවිය. පුනරුදය නිසා බිහි වූ නව චින්තකයන් සහ ඔවුන්ගේ ප්‍රකාශ, නව වාණිජ පංතියක් බිහිවීම නිසා ඇති වූ වෙළඳ ආර්ථික රටාව මෙන්ම ජාතික රාජ්‍යයන්හි දී ජනතාවට මුල්තැන හිමිවිය යුතු බවට මැකියාවෙලී, තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින් ජැක් සහ රූසෝ යන දේශපාලන චින්තකයන් ගේ අදහස් පැතිරයාම නිසා ද යඑට විශාල බලපෑමක් ඇති කළේය. තම ජාතික සංස්කෘතික සහ ආර්ථික අංශයන්හි ඇති වූ පිබිදීමත් සමඟ අනන්‍යතාවය රැකගැනීම පිළිබඳ අදහස් ජනතාව අතර පැතිර ගියේය. ඒ අනුව ජාතික රාජ්‍යයන් බිහිවීම ආරම්භ වූ අතර ඉතාලි ජාතික ව්‍යාපාරයේ නායකයෙකු වූ ජෝසප් මැසිනි "අපට ධජයක් නොමැත. යුරෝපීය ජාතින් අතර දේශපාලන තත්වයක් හෝ නාමයක් නොමැත." යන ප්‍රකාශයෙන් ඔවුන් කෙතරම් දුරට අනන්‍යතාවය රැකගැනීමට උනන්දු වූයේ දැයි හෙලිවේ. මෙවැනි පසුබිමක් යටතේ යුරෝපය පුරා ජාතික රාජ්‍යය වර්ධනය වීමක් දක්නට ලැබෙයි.
මෙම ජාතික රාජ්‍යයන් ආරම්භ වූයේ රාජාණ්ඩු වශයෙනි. දේව වරම් වාදය හෙවත් දෙවියන් විසින් පත්කරනු ලැබූ බලයක් සහිත පුද්ගලයෙකු ලෙස රජතුමා සලකනු ලැබීය. එනිසා වැසියන් සියලු දෙනාම ඔහුට අවනත විය යුතු බව එකල වැසියෝ සැලකුහ. නමුත් 1688 එංගලන්තයේ ඇති වූ විප්ලවයෙන් රාජාණ්ඩුව බිඳ වැටුණු අතර ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට හිමිවිය. රජතුමාට විධායක බලය ඉතිති වූ නමුත් 1714 වන විට රජතුමාගේ මෙම විධායක බලය ද ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට හිමිවීම දක්නට ලැබෙයි. ඉන්පසු රජතුමා නාම මාත්‍ර විධායක තත්වයට පත්විය. සියලු දෙනාම නීතියට යටත් වි යුතුය. නීතිය සියලු දෙනාටම ඉහළින් සිටින බව පිළිගැනීමත් නිසා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයෙන් බිහිවිය. මෙසේ ක්‍රමයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයන් බිහිවන්නට විය. මෙසේ යුරෝපය තුළ ජාතික රාජ්‍යයන් ගේ ව්‍යාප්තිය සිදුවිය.