12. රාජ්‍යයය සහ ආණ්ඩුව අතර ඇති වෙනස්‌කම්
 










රාජ්‍යය


ආණ්‌ඩුව

* නිශ්චිත භුමියක්‌ තිබිය යුතුය
 





* රාජ්‍යය පරිපූර්ණ සහ ස්‌ථාවර වේ.

* ඒකාකාර ස්‌වභාවයක්‌ ගනී.

* රාජ්‍යයය සමස්‌ත ජාතියම නියෝජනය කරයි.

* රාජ්‍යයට භුමිය, ජනගහනය ආණ්‌ඩුව සහ ස්‌වාධිපත්‍යය යන අංග ඇතුලත් විය යුතුය.

* පුරවැසියන් සියලුම දෙනා රාජ්‍යයට අවනත විය යුතුය.

* රාජ්‍යයකට ද්‍රෝහි වීම දඬුවම් ලැබිය හැකි වරදකි.

* රාජ්‍යය විසුරුවා හැරිය නොහැකිය.

* රාජ්‍යය අචේතනික සංකල්පයකි.

* රාජ්‍යය උත්තරීතර වේ.



* නිශ්චිත භුමියක්‌ නොතිබුණත් ආණ්‌ඩුවක්‌ මෙහෙයවිය හැකිය.


* මෙය කලින් කලට වෙනස්‌වේ. ආණ්‌ඩුව රාජ්‍යයේ කොටස්‌ ලෙස පවතී.

* විවිධ ආණ්‌ඩුක්‍රම පවතී.

* ආණ්‌ඩුව පුරවැසියන් කොටසකගෙන් පිහිටුවාගනු ලබන්නකි.

* රටින් රටට ආණ්‌ඩුක්‍රම වෙනස්‌ වේ.

* ආණ්‌ඩුවට සියලුම පුරවැසියන් අවනත වීම අවශ්‍ය නැත.

* ආණ්‌ඩු කලින් කලට වෙනස්‌ කිරීමේ අයිතිය ජනතාව සතුය.

* ආණ්‌ඩුව විසුරුවා හැරිය හැකිය.

* ආණ්‌ඩුව සචේතනික සංකල්පයක්‌ වන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් යුක්‌ත වේ.

* රාජ්‍යයය ජනතාව විසින් ගොඩ නගනු ලබයි.

(c) Shilpa Sayura Foundation 2006-2017