රාජ්‍යය සහ ආණ්‌ඩුව යන වචන නිර්වචනය කිරීමේදී මෙම දෙකම සමාන අදහස් දරණ පද දෙකක් ලෙස හැඟීයා හැකිය. නමුත් මෙම පද දෙකින් අදහස් වන්නේ පරස්‌පර විරෝධි අදහස් දෙකකි. රාජ්‍යය යනු උත්තරීතර ආයතනය වන අතර ආණ්‌ඩුව එහි නියෝජිතයා වේ. ආණ්‌ඩුව වනාහි පරිපාලන ක්‍රියාවලියක් පමණී. මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් රාජ්‍යයය ස්‌වාමියා නම් ආණ්‌ඩුව වූ කලී සේවකයා වේ. රාජ්‍යය වෙනස් නොවන ස්‌ථාවර දෙයක් වන අතර ආණ්‌ඩු කලින් කලට වෙනස් විය හැකිය.
"රාජ්‍යයේ අරමුණු නැංවීමට ආණ්‌ඩුව ක්‍රියාකාරි වේ." - හැරල්ඩ් ලැස්‌කි
"රාජ්‍යයේ සහ මහජනතාවගේ කැමැත්ත ප්‍රතිපත්ති වලට හරවා ඒවා ක්‍රියාත්මක කිරීමේ
කටයුත්ත කරනු ලබන්නේ ආණ්‌ඩුව විසිනි." - ගානර්
රාජ්‍යයක් ගොඩනැංවීමට නිශ්චිත භුමියක්, එයට අයත් ජනගහණයක්, එහි පවතින ආණ්‌ඩුවක් සහ ස්‌වාධිපත්‍යයක් යන සාධක හතර අඩංගු විය යුතුය. ලොව පවතින සියලු රාජ්‍යයන්හි එකිනෙකට වෙනස්‌කම් රැසකි. භුමි ප්‍රමාණ සහ ජනගහණය අතින් සැලකුවහොත් සමාන රාජ්‍යයන් දෙකක් හෝ සමාන ජනගහණයක් ඇති රටවල් දක්‌නට නැත.
රාජ්‍යයක් ලෙස හැඳින්වීමට හැකි ප්‍රධාන සාධක
1. නිශ්චිත භුමිය
2. ජනගහනය
3. ආණ්‌ඩුව
4. ස්‌වාධිපත්‍යයය
5. අන්තර් ජාතික පිළිගැනීම
භුමිය
ලොව පවතින රාජ්‍රයන්හි භුමිය ප්‍රමාණාත්මකව එකිනෙකට සපුරා වෙනස් ය. භුමි ප්‍රමාණයෙන් සමාන රාජ්‍යයන් දෙකක් ලොව කොතැනකවත් නැත. නමුත් රාජ්‍යයක් බිහිවීමට යම් භුමියක් අතෘවශ්‍යය. මෙහි වැදගත්කම් ප්‍රමාණාත්මකව ගණන් නොගනේ. අවශ්‍යවන්නේ නිශ්චිතව හදුනාගත හැකි ප්‍රදේශයක් තිබීමය.
ජනගහණය
රටක ජීවත්වන පුරවැසියන් සියලුදෙනාම එම රාජ්‍යයේ සාමාජිකයන් වේ. මේනිසා මුලු රාජ්‍යයම නියෝජනය කරන්නේ එම රටෙහි පුරවැසියන්ය. ජනගහණයද කොතරම්දැයි ප්‍රමාණාත්මකව ගණන් ගැනීමක් නැත. අධික ජනගහනයක් ඇති චීනය මෙන්ම හීන ජනසංඛ්‍යාවක් ඇති රටවල් ද රාජෘයන් ලෙස පිළිගැනේ. ජනගහනය සමස්‌ත රාජ්‍යයම නියෝජනය කරන නමුත් ආණ්‌ඩුව නියෝජනය කරන්නේ පුරවැසියන් ගෙන් කොටසකගේ පමණක් සහාය ලැබෙන දේශපාලන සංවිධානයක් පමණක් වීම විශේෂත්වයකි.
ආණ්‌ඩුව
ආණ්‌ඩුව වනාහි මුළු ජාතියම නියෝජනය කරන සංවිධානයක් නොවේ. සමාන දේශපාලන මත දරණ පුරවැසියන් කොටසක් සංවිධානය වී පිහිටුවා ගන්නා ලද දේශපාලන සංවිධානයක් තුළින් ආණ්‌ඩුව බිහිවේ. මෙය සමස්‌ත ජාතියම නියෝජනය කරන්නක් නොව බහුතර කැමැත්ත නියෝජනය කරනු ලබන්නකි. ලොව පවතින රාජ්‍යයන් අතර විවිධ ආණ්‌ඩු ක්‍රම පවතී.
උදාහරණ :
1. ඇමෙරිකාවේ, ශ්‍රී ලංකාවේ - විධායක ජනාධිපති ආණ්‌ඩුක්‍රමය
2. ඉන්දියාව, බ්‍රිතාන්‍යය - පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය
3. නේපාලය - රාජාණ්‌ඩුව
4. චීනය, උතුරු කොරියාව - කොමියුනිස්‌ට් ආණ්‌ඩුක්‍රමය
5. ඉරාකය, ලිබියාව, උගන්ඩාව – ඒක පුද්ගල ආධිපත්‍යය පැවති රටවල් විය.
මෙම ආණ්‌ඩුක්‍රමයන් හි සැකැස්‌ම විවිධ අයුරින් වෙනස් වුවද ඒ එ රාජ්‍යයන්ට අයත් ආණ්‌ඩුක්‍රමයන් වේ. මේවා කලින් කලට වෙනස් වේ. වෙනස් කිරීමට ද හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියක් හෝ විප්ලවීය මාර්ගයකින් පවතින ආණ්‌ඩුව පෙරළා දමා බලය ලබාගැනීමෙන් හෝ ආණ්‌ඩුව විසුරුවා හැරීමකින් හෝ මෙම ආණ්‌ඩු වෙනස් කළ හැකිය. මෙනිසා ආණ්‌ඩුව යනු ස්‌ථාවරව පවතින දෙයක් නොවේ. රාජ්‍යය විසින් පවරා දෙනු ලබන සීමිත බලයක් පමණක් ආණ්‌ඩුවට හිමි වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම ආණ්‌ඩුවට හිමි බලය නිශ්චිතව දක්‌වා ඇත. ආණ්‌ඩුවක් පිහිටුවීමට නිශ්චිත භුමියක් ද අවශ්‍ය නොවේ. රාජ්‍යයෙන් පිටත සිට ද (වෙනත් රටක සිට) ආණ්‌ඩුවක් පිහිටුවිය හැකිය. උදාහරණ ලෙස 1990 කුවේට් රට ඉරාකය විසින් ආක්‍රමණය කළ විට කුවේට් නායකයන් සෞදි අරාබියට පලාගොස් ආණ්‌ඩුවක් පිහිටුවාගෙන පාලනය ගෙන ගිය අතර ඇමෙරිකා ආධාරයෙන් කුවේටය නිදහස් වූ විට එම ආණ්‌ඩුව කුවේට් රටතුළ නැවත පිහිටු විය. එබැවින් ආණ්‌ඩුවක් පිහිටුවා ගැනීමට භුමිය නිශ්චිත සාධකයක් නොවේ.
ස්‌වාධිපත්‍යය :
ස්‌වාධිපත්‍යය යනු රාජ්‍යයකට තිබිය හැකි උසස්‌ම ගුණාංගයයි. මෙය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකි. බාහිර ස්‌වාධිපත්‍යයය යනු වෙනත් රාජ්‍යයක බලපෑමට යටත් නොවී ස්‌වාධීනව තම කටයුතු කරගෙන යෑමේ හැකියාවයි. විදේශ කටයුතු සම්බන්ධව ස්‌වාධීන තීරණ ගැනීමේ හැකියාව, විදේශ බලපෑමකින් තොරව තම අභ්‍යන්තර රාජ්‍ය කටයුතු කරගැනීමේ හැකියාව මෙම බාහිර ස්‌වාධිපත්‍යයට යටත් වෙයි.
අභ්‍යන්තර ස්‌වාධිපත්‍යය යනු, පුරවැසියන්ගේ කටයුතු මෙන්ම රට තුළ පවතින සංවිධානවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ එම කටයුතු අභිබවා යමින් රාජ්‍යයට කළ හැකි කාර්ය භාරය වේ. නිදසුනක් ලෙස යම් පුද්ගලයෙකු නීති විරෝධි කටයුත්තක නියැලුනු විට ඔහුට විරුද්ධව නීත්‍යානපකුලව ගතහැකි පියවර මෙම අභ්‍යන්තර ස්‌වාධිපත්‍යයට අයත් වෙයි. රාජ්‍යයට සහ රාජ්‍ය කටයුතු වලට විරුද්ධවන්නන්ට නීතිමය රාමුවක් තුළ පියවර ගැනීමට ස්‌වාධිපත්‍යය යටථේ රාජ්‍යයට හැකිය. නීතියට යටත් නොවන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද ස්‌වාධිපත්‍යය යටතේ රාජ්‍යයකට හැකියාව ලැබේ.
අන්තර් ජාතික පිළිගැනීම :
රාජ්‍යයක් නූතන ලෝකයේ පිළිගැනීමට ලක්‌විය යුතුය. ස්‌වාධීන රාජ්‍යයක් ලෙසත් යම් ජන කොට්‌ඨාශයක් නියෝජනය වන බවටත් මානව අයිතිවාසිකම් සුරකින පාලනයක් පවතින බවටත් අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි තත්වයක පවතින රාජ්‍යයක් විය යුතු අතර නීතිය හා සාමය පවත්වාගනු ලබන පොලීසිය, ත්‍රිවිධ හමුදාව දේශපාලනික වශයෙන් ජනතාවගේ පිළිගැනීම මෙන්ම පැහැදිලි දේශ සීමා හෝ ප්‍රදේශයක් සහිතවීම මෙම අන්තර්ජාතික පිළිගැනීමට ලක්‌විය හැකි කරුණු වේ.