නැටුම් කලාවේ උප්පත්තිය කිනම් කාලයක කවර අයුරකින් ආරම්භ වූවක්‌ද බවට නිශ්චිතව කීමට සාධක නැතත් මෙහි ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා දිවෙන බවට නිගමනය කල හැකිය. මිනිසා මෙන්ම තිරිසන් සත්වයාත් තම පංච ඉන්ද්‍රීයන් ( ඇස්, කන්, නාසය, අත, පය) පිනවිම උදෙසා නොයෙකුත් කලාවන් කෙරෙහී ලොල් වූහ. මේ අනුව, සත්වයා තම ඇස් පිනවීම උදෙසා චිත්‍ර කලාවද කන් පින්වීම සඳහා සංගීතයත් හා ඇස කන දෙකම එකවිට පිනවීම සඳහා නැටුම් කලාවද බිහිවී ඇති බව පෙනේ.
නැටුම් උපත කෙරෙහි සොයන්නෙකුට මග හැරිය නොහැකි එක් විශේෂ කාරණාවක් වෙයි. ඒ නැටුම හා ආගමික පුද පුජා අතර පවතින සම්බන්ධයයි. බොහෝ ඈත ඉතිහාසයේ සිටම මිනිසා දෙවියන් පිදීම කලහ. තම සිත පිනවන යම් දෙයක් වේද එයින් දෙවියන් පුදා සතුටු කිරීමෙන් තමන්ට දෙවියන් ගේ හිත දිනා ගැනීමට හා පිහිට ලබා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කලහ. එබැවින් මිනිස් සිත බෙහෙවින් සනසාලූ සංගීතයෙන් හා නර්තනයෙන් දෙවියන් පිදීම සිදු කලහ. ආගමික කටයුතු හා නැටුම අතර සම්බන්ධය මෙසේ අතීතයට විහිදෙන අතරම එය වනචාරී දිවියක් ගත කරන්නන් ගේ සිට ශිෂ්ඨ සමාජය දක්‌වාද දිවෙයි.
ඉහතින් සඳහන් කරුණු ගෙන සලකන විට අපට පෙනී යන්නේ නැටුම් කලාව මිනිස් සංහතියේ ආරම්භය තරම් ම පැරණි වූ කලාවක් බවය. මිනිස් සිතට ගතට රසඳුනක් වෙමින් ආගමික කටයුතු හා සම්බන්ධ වෙමින්ද, එදිනෙදා මිනිස් දිවියේ විශේෂ අංගයක් බවට නැටුම් කලාව දියුණු විය. විවිධ සංස්‌කෘතීන් අනුව විවිධ අයුරින් පෝෂණය වූ නැටුම් කලාව ජාතී, ආගම්, කුල, දේශසීමා භේදයකින් තොරවම සකලවිධ මනුෂ්‍ය සංහතියටම එක සේ රසාස්‌වාදය ලබාදෙන කලාවක් බවට පත්වී ඇත. මේ අනුව සංගීතය මෙන්ම නර්තනයද විශ්ව භාෂවක් යැයි නම් කල හැකිය.