* සමාන මත දරණ පුද්ගලයන්ගේ එකතුවක් වීම.
* පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු පොදු එකඟතාවක් වීම.
* පක්ෂයට නායකත්වයක් තිබීම.
* ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් කටයුතු කිරීම.
* දේශපාලන පක්ෂයේ අරමුණු ජාතික අරමුණු මුදුන්පත් කරවා ගැනීමට තරම් සංවිධානාත්මක වීම.
* ඡන්ද දායකයන් දේශපාලනික වශයෙන් දැනුවත් කරවීම.
දේශපාලන පක්ෂ තුළින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂාවන අයුරු සැබෑවක් නමුත් මෙම දේශපාලන පක්ෂ නිරතුරුවම ක්‍රියාශීලි ඒවා විය යුතුය. බොහෝ විට ද්විපක්ෂ ක්‍රමයක් පවතින රටවල එක් පක්ෂයක් ආණ්ඩු බලයේ සිටින විට ප්‍රබල විරුද්ධ පක්ෂය නිරතුරුවම රජයේ කටයුතු ගැන විමසිලිමත් වෙමින් තමන් බලයට පත්වන ආකාරය පිළිබඳ සැලසුම් සකස් කරයි. එනිසා බලයේ සිටින ආණ්ඩුව වැරදි නොකිරීමට ප්‍රවේශම් සහගත වේ. ඒ අනුව රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී දූෂණ, අක්‍රමිකතා ආදිය අවම වේ. මේ නිසා ද්විපක්ෂ ක්‍රමයක් පවතින රටවල වඩාත් සාර්ථක පාලන ක්‍රමයක් දැකිය හැකිය.
බහු පක්ෂ ක්‍රමයක් පවතින රටවල් ද ලෝකයේ දක්නට ලැබේ. ලංකාව යඑට නිදසුනකි. මෙවැනි රටවල සමහර අවස්ථාවල ආණ්ඩු බලය පිහිටුවීමට එක් පක්ෂයකටවත් අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබාගත නොහැකි වේ. මේ නිසා රජයක් පිහිටුවීමේ දී එම පක්ෂවල අවශ්‍යතා පිරිමැසීමට රජයට සිදුවේ. එනිසා රජය නිරතුරුවම අස්ථාවර ස්වභාවයක් ගනී.
රජයේ තීරණ තනිවම ක්‍රියාත්මක කිරීමේ බාධා පැන නගී. සමහර විට බලයට පත් වන්නේ ජනතාව වැඩිපුරම ප්‍රතික්ෂේප කළ පක්ෂය විය හැකිය. සියලු සුළුතර පක්ෂ එක්වීමෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයට වඩා වැඩිබලයක් ලබාගත හැකිය. එනිසා බහු පක්ෂක්රමයක් පවතින රටවල පාලන කටයුතු ගෙනයාමේ දී නොයෙකුත් දුෂ්කරතාවන් පැනනගී. ෂියලුම පක්ෂවල අපේක්ෂාවන් තෘප්තිමත් කරගනිමින් පාලනය ගෙනයාම අසීරුවනවා පමණක් නොව විශාල කාලයක් ද ගත වේ. මෙවැනි රටවල කිසියම් නීතියක් ක්‍රියාත්මක වීමට වඩා ක්‍රියාත්මක නොවීමේ අවස්ථා වැඩිය.
බහු පක්ෂ ක්‍රමයක් පවතින රටවල වාසි ගැන සැලකීමේදී සියලුම ජනකොටස් නියෝජනය වන ආකාරයේ පක්ෂ සකස්වීම තුළින් ජනතාවට යම් සාධාරණයක් ඉටුවිය හැකිය. නිදසුනක් ලෙස ජාතීන් කිහිපයක් ජීවත්වන රටක තම ජාතික අපේක්ෂාවන් මුදුන්පත් වන ආකාරයේ පක්ෂයකට බැඳීමේ අයිතිය ඔවුන්ට හිමි වේ. සුළුතර පක්ෂ ගණනාවක් ක්‍රියාත්මක වීමේ දී ඒ එ පාක්ෂිකයන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් වර්ධනය විය හැකිය. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල මෙම තත්වය වර්ධනය වීමේ හැකියාව ඇත. මේ අනුව බලන කල පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී සහන රැසක් ජනතාවට ඉටුවන අතර සංකීර්ණ ගැටලු ගණනාවක් ද උද්ගත වන බව පෙනේ.
පැවරුම්
* ප්රජාතන්ත්රවාදී රටකට වඩා යෝග්‍ය ද්වි පක්ෂ ක්‍රමය ද? බහු පක්ෂ ක්රමයද? මේ ගැන ඔබේ අදහස් දක්වන්න.
* ඉතා ශක්තිමත් විරුද්ධ පක්ෂයක් තිබීම රටකට වඩාත් යෝග්‍ය ක්‍රමයයි. මේ ගැන කරුණු පෙළ ගස්වන්න.
* බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වීමේ ගැටලු ශ්‍රී ලංකාව ඇසුරෙන් දක්වන්න.
* "දේශපාලන පක්ෂවලින් තොර රටක් ඒකාධිපති පාලනයක ස්වරූපය දක්වයී" මේ ගැන ඔබේ අදහස් දක්වන්න.