ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සාර්ථක වීමට නම් ජනතාවට නිදහස තිබිය යුතුය. කෙසේ වුවද තමන්ට ලැබී ඇති නිදහස අන් අයට බාධාවක් ද නොවිය යුතුය. මෙනිසා නිදහසට යම් ප්‍රමාණයක සීමාවන් ඇති බවත් පුද්ගලයන් හැසිරිය යුත්තේ එම සීමාවන් තුළ පමණක් බවද දැනගත යුතුය. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුද්ගලයන්ට තමන් කැමති අන්දමේ ඇදුම් පැළදුම් ඇඳීමේ නිදහස හිමිවන නමුත් එම ඇදුම් සමාජ සදාචාරයට අනුකුලවන ඒවා විය යුතුය. මෙනිසා නිදහස අයුතු අන්දමින් ප්‍රයෝජන ගැනීමට කිසිදු වැසියෙකුට ඉඩක් නොමැත.
සර්වජන ඡන්දබලය පදනම් කරගෙන ආණ්‌ඩු සහ පාලකයන් තෝරා ගැනීම
ජනතාවගේ කැමැත්ත පරිදි පාලකයන් තෝරාගැනීම මෙන්ම පාලන කටයුතු ගෙන යාම ආරම්භ වූයේ ග්‍රීසියේ ඇතැන්ස් පුර රාජ්‍යය ඇසුරෙන් බව ඉහත පරිච්ඡේදවල අපි උගත්තෙමු. කල්යත්ම මෙය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය විය. අද ලොව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්‌ෂණ වන්නේ සියලු ජනතාවගේ කැමැත්ත පරිදි සිදුවන පාලන ක්‍රමයයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සර්වජන ඡන්ද බලය වැදගත් වෙයි. සාමාන්‍යයෙන් ලොව පිළිගත් මතය වන්නේ අවුරුදු 18 වැඩි පුරවැසියන් වන ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව සිය ඡන්දය භාවිත කිරීමේ හැකියාවයි. පත්කරගන්නා ලද රජයක් නිසි ආකාරයට සිය කටයුතු ඉටුනොකරයි නම් නියමිත කාලවකවානුවක් තුළ එම රජය ඉවත් කිරීමේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවීම සර්වජන ඡන්ද බලයෙන් ජනතාවට ලැබී ඇති විශිෂ්ට වරමයි.
ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද බලය ජනතාවට ප්‍රදානය කළේ 1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණයත් සමඟය. ඡන්ද බලය භාවිතා කිරීමේදී ඒ සඳහා පිළිගත් සුදුසුකම් ද ඇත.
1. රටේ පුරවැසියෙකු විය යුතුය.
2. සිහි විකල්වූවකු නොවිය යුතුය.
3. වයස අවු. 18 වැඩිවිය යුතුය.
4. අදාළ ඡන්ද කොට්‌ඨාශයේ ලියාපදිංචි වූවෙකු විය යුතුය.
5. බංකොලොත් භාවයට පත්නොවූවෙකු විය යුතුය.
6. මැතිවරණ වංචාවකින් වරදකරුවෙකු නොවූ අයෙකු විය යුතුය.
7. සිවිල් අයිතිවාසිකම් අහිමි කළ අයෙකු නොවිය යුතුය.
සර්ව ජන ශන්ද බලය පදනම් කරගෙන ආණ්‌ඩු සහ පාලකයන් තෝරාගනු ලබයි. ඝහජනතාවගේ වැඩි ඡන්දයෙන් තෝරාපත් වන නියෝජිතයන් අයත් පක්‌ෂයේ නායකයා ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස පත්වීම සාමාන්‍ය පිළිවෙතයි. මේ සඳහා කේවල ඡන්ද කොට්‌ඨාශ ක්‍රමය හෙවත් එක් ශන්ද කොට්‌ඨාශයකට එක් නියෝජිතයෙකු පත්වීම සිදුවුවහොත් මතු නොවේ. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙය තරමක් ගැටළු සහගත විය හැකිය.
සර්වජන ඡන්ද බලය භාවිත කිරීමේ දී විවිධ විවේචන ද එල්ල වී ඇත.
* නූගත් පුරවැසියන්ට ඡන්ද බලය ලැබීමෙන් නුසුදුසු පුද්ගලයන් තේරී පත්වීමට ඉඩ ඇත.
* ඡන්ද දායකයාට මුදල් ලබාදීම වැනි කටයුතු මගින් අනවශ්‍ය පුද්ගලයන් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ සැලසිය හැකිය.
තරඟකාරි පක්‌ෂ ක්‍රමය
දේශපාලන පක්‌ෂ ක්‍රමය ප්‍රථමයෙන් ලොවට දායාද කළෝ ඉංග්‍රීසිහුය. එංගලන්තයෝ 1 චාර්ල්ස් ගේ රාජ්‍ය කාලයේ රජුගේ පක්‌ෂය ගත් අය. ටෝරිවරුන් වශයෙන්ද මහජනතාවගේ නායකත්වය ගත් අය විග්වරුන් ලෙසද කොටස් දෙකකට බෙදුනි. ටෝරිවරු ආණ්‌ඩුක්‍රම වෘවස්‌ථාව වෙනස් කිරීමට තදින්ම විරුද්ධ වූ අය වූහ. විග්වරුන්ගේ මතය වූයේ මහජන ශුභසිද්ධිය පතා අදාල වෙනස් කිරීම් කල යුතු බවයි. මෙසේ ප්‍රධාන මතිමතාන්තර ඔස්‌සේ විකාශනය වූ මතවාද පිළිගත් පිරිස් ඇසුරෙන් ප්‍රථමවරට දේශපාලන පක්‌ෂ අතිවීමේ පදනම ඇරඹුණි. පසුකාලයේදී ටෝරි පක්‌ෂය බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පක්‌ෂය ලෙස විකාශණය විය. විග් පක්‌ෂය ලිබරල් පක්‌ෂය ලෙස හැඳින්විය. බ්‍රිතාන්‍යයේ අද ද ක්‍රියාත්මක වන ප්‍රධාන පක්‌ෂ දෙක ලෙසට මේවා වක්‍ෂ~ධනය විය. ලිබරල් පක්‌ෂයට පසුව ලේබර් හෙවත් කම්කරු පක්‌ෂය කම්කරු පන්තිය නියෝජනය කරමින් බිහිවිය. මේ අතර කොන්සර්වැටිව්, ලේබර් සහ ලිබරල් යන පක්‌ෂ බ්‍රිතාන්‍ය පාලන බලය වරින් වර හිමිකර ගත්හ.
දේශපාලන පක්‌ෂ පිළිබඳ නිර්වචන කිහිපයක් :
* පොදු ප්‍රතිපත්තියක් යටතේ ජාතික අභිමතාර්ථ මුදුන්පමුණුවා ගැනීමට එක් වූ කණ්‌ඩායමකි. – එඩ්මන් බර්ක්
* දේශපාලන සමාජය තුළ බලය ලබා ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට එකට එක්‌ව සංවිධානය වූ කණ්‌ඩායම දේශපාලන පක්‌ෂය වේ. - මොරිස් ඩුවයිජර්
* එක් එක් සමාජ පංතීන් තම අවශ්‍යතා සහ සමාජ පංතීන් වල ඉටුකරගත යුතු ආශාවන් සහ අවශ්‍යතා මුදුන් පත් කරගැනීමට පිහිටුවා ගත් සංවිධානයයි.
- මාක්‌ස්‌වාදීන්
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් දේශපාලන පක්‌ෂ අවශ්‍යයය. මේ සඳහා ක්‍රියාකාරි ජනතා සහභාගිත්වය අත්‍යවශ්‍ය වන අතර ජනතාව නිරතුරුව විමසිලිමත්ව සහ අවධානයෙන් සිටිය යුතුය. රාජ්‍යයේ ස්‌වභාවය කුමක් වුවද ශක්‌තිමත් දේශපාලන පක්‌ෂ එම රටේ සමාජ ආර්ථික, ඓතිහාසික පරිසරයට උචිත වන අයුරින් ගොඩනැගී ඇති අයුරු පෙන්වාදිය හැකිය.