ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී මුල්වරට එවැනි පාලනයක සේයාමාත්‍රයක ආරම්භයක් ගැන සැලකිය හැක්‌කේ ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන් ආශ්‍රයෙනි. පෞර රාජ්‍යය යනු භුගෝලීය ලක්‌ෂණ අනුව ප්‍රදේශ වෙන්කරගත් එක් එක් ගෝත්‍ර විසින් තම ගෝත්‍රික ජනයා පාලනය කළ කුඩා පාලන ඒකක විය. මෙම ගෝත්‍රික ජනතාව සිය ගෝත්‍රයේ අනන්‍යතාව ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කළහ. මේ අනුව එවැනි ගෝත්‍ර පාලක මණ්‌ඩලයක් හෝ රජෙකුගේ තත්වය දැරූ ගෝත්‍රික නායකයෙකු යටතේ පාලනය විය. මෙවැනි ගෝත්‍ර පාලනය පසුකලක පෞර රාජ්‍ය ලෙස හැඳින්විය. මේ අතරින් ඇතන්ස්, ස්‌පාටා, තීබ්ස්, කොරීන්ත් ඉතා ශක්‌තිමත් පාලනයක් ගෙන ගිය අතර භුගෝලීය වශයෙන්ද අන් ඒවාට වඩා විශාලත්වයෙන් යුතුවිය. බොහෝවිට විශාල පෞර රාජ්‍යයන් කුඩා පෞර රාජ්‍යයන් සටන් කොට තම රාජ්‍යයට ඈදා ගැනීම මෙකල සුලභව දක්‌නට ලැබුණකි.
මෙසේ පෞර රාජ්‍ය පාලනය අතින් වෙනස් වුවත් ජාතියක් ලෙස එක්‌ව සිටීමත් එක් භාෂාවක් කථාකිරීමත් ආගමික වශයෙන් එකම දෙවිවරු ඇදහීමත් නිසා ඒවා අතර සමානත්වයක් ද දක්‌නට ලැබුණ අතර අවුරුදු හතරකට වරක් පෞර රාජ්‍යයන් අතර පැවැත්වූ ඔලිම්පික් තරඟය නිසා රාජ්‍යයන් අතර එකමුතු බව මෙන්ම වෙන්ව සිටීමත් කැපී පෙණුනි. මේ සඳා සෑම පෞර රාජ්‍යයකින්ම තරඟකරුවන් ඉදිරිපත් කිරීම සිරිතක් වශයෙන් පැවතුණි. මෙසේ මෙම රාජ්‍යවල විසූවන් තරඟ ජයග්‍රහණයට වඩා සහභාගි වීම වැදගත් කොට සැලකුහ. ක්‍රීඩා පිටියේ දැක්‌වූ එක්‌සත් භාවය තරඟකාරිත්වයට වඩා විශේෂ විය.
කෙසේ වුවද පෞර රාජ්‍යයන් තුළ පැවතියේ රාජාණ්‌ඩුය. මෙම රජවරුන්ට උපදෙස් දීමට ප්‍රභුවරුන්ගෙන් සමන්විත උපදේශක මණ්‌ඩලයක් විය. එනිසා සෑම නීතියක්‌ම ප්‍රභුවරුන්ගේ වරප්‍රසාද ආරක්‌ෂාකර ගැනීමට සකස් වූ අතර සාමාන්‍ය ජනතාවට එයින් සෙතක් අත්වූයේ නැත. මේ නිසා සාමාන්‍ය ජනතාව මෙන්ම වහලුන්ද නිරතුරුව කැරලි ගැසූ අතර මේවා මර්දනය කිරීමට යුද පුහුණුවක් ප්‍රභුවරුන්ට අවශ්‍ය විය. මෙසේ සමහර පෞර රාජ්‍යය යුද කටයුතු අතින් ඉදිරියට ගිය අතර තරමක් දුරට වෙනස් ස්‌වභාවයක් ගත් සමහර ඇතන්ස් පෞර රාජ්‍යය තුළ සාහිත්‍ය, කළ විද්‍යා, දාර්ශනික අංශයන්ගේ දියුණුවක් දක්‌නට ලැබුණි. මේ නිසා ජනතාවගේ සිත්තුළ නිදහස් අදහස් ජනිත වන්නට විය. මේ නිසා රාජාණ්‌ඩුක්‍රමය තුළින් ජනතාව මර්දනය කිරීමේ පාලන ක්‍රමය ඔවුන් තුලින් ක්‍රමයෙන් ගිලිනේනට පටන් ගත්තේය. බොහෝවිට ප්‍රභු, නිදහස් මිනිසුන් සහ වහල් යන සමාජ පංති තුළ වහල් සහ නිදහස් මිනිසුන්ට කිසිදු අවස්‌ථාවක පාලන ක්‍රමය සැනසිලිදායක නොවීය. විශේෂයෙන් අල්ලස, දූෂණය වැනි දේ නිසා මිනිසුන් අතර පාලන කටයුතු ගැන පැහැදීමක් ද නොවීය. විනිශ්චයකරුවන් නඩු විසඳීමේදී අල්ලසට යට වී සිටි අතර ජනතාව ඉන් පීඩාවට පත් විය.
ඇතැන්ස් පෞර රාජ්‍යය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ පුරෝගාමීන් ලෙස පුද්ගලයන් තිදෙනෙකු හදුනා ගත හැකිය.
1. ඩ්‍රැකෝ
2. සොලොන්
3. ස්‌ලෙයිස්‌තීනස්
මෙම තිදෙනා විසින් ඉඩම්හිමි ප්‍රභු සහ සාමාන්‍ය ජනතාව අයත්ව සිටි නිදස් මිනිසුන් සහ වහලුන් වශයෙන් බෙදී තිබූ සමාජ ස්‌ථර තුල ඉතා නිර්භීත අයුරින් ගත් පියවර කිහිපයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ මුල් පියවර ආරම්භ විය. මෙම තිදෙනාගේ කටයුතු පිළිවෙළින් කවරේදැයි විමසා බලමු.
ක්‍රි.පූ. 621 දී ඩ්‍රෑකෝ යන ප්‍රභුවරයා ප්‍රථම වරට ඇතන්ස් පෞර රාජ්‍යයට ලිඛිත නීති පද්ධතියක් හදුන්වා දුන්නේය. මෙම නීති මුලදී ඉතා දැඩි ස්‌වභාවයක් ගත් නමුත් පළමුවරට නීතිය යනු කුමක්‌දැයි ජනතාවට හදුනාගත හැකිවූයේ මෙම නීති සම්පාදනය තුළිනි. මෙය සාමාන්‍ය ජනතාවට වංක විනිශ්චයකාරවරුන්ගෙන් ගැලවීමට සුදුසු මඟක් විය. මෙම නීතිපද්ධතිය එකල විසූ සාමාන්‍ය ගොවි ජනතාවට සෙතක් නොවූ නමුත් නීතියක් පවතින බව හදුගැනීමට හැකිවීම විශේෂ සිද්ධියකි.
එවකට ඇතන්ස් හි පිහිටි සොලොන් නම් පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට තවත් වැදගත් වූ පුද්ගලයෙක් විය. මෙකල ඉඩම් හිමි වෙළඳ පංතියක් බිහිවී තිබූ අතර එම ඉඩම් වල සේවය කළ දුප්පතුන්, ගොවියන් ඉතා දුෂ්කර ජීවිත ගතකළහ. Oවුන් නිරතුරුවම ඉඩම්හිමි ප්‍රභු පංතියට ණය ගැති වූහ. මෙම ණයබර නිසා කිසිදු සැනසිල්ලක් නොවූ දුප්පත් ජනතාව තම දූ දරුවන්ද ඔවුන්ගේ වහල් තත්වයට පත්කර ඉතා දුක්‌ඛිත ජීවිත ගෙවූහ. මේ නිසා පෞර රජ්‍යවල දුප්පත් වහල් ජනතාවගේ පීඩිත තත්වය පුපුරායාමට ආසන්නව පැවතුණි. තවදුරටත් මේ තත්වය පවත්වාගෙන යාම අසීරු බව දැනගත් සොලොන් ප්‍රගතිශීලි පියවර රැසක් ගන්නා ලදී. මේ අනුව වහල් මෙහෙයෙන් පුද්ගලයන් නිදහස් කෙරුණු අතර ණය ගනුදෙනු සඳා පුද්ගලයන් වහල් සේවයේ යොදවා ගැනීම තහනම් කිරීමේ නීතියක් ද පෑණවනු ලැබීය. මෙනිසා සමාජයේ වඩාත් නිදහස් ජනතාවක් ක්‍රි[යාශීලි වීම දක්‌නට ලැබුණි.
සොලොස් විසින් වෙළඳ සමාජය ශක්‌තිමත් කරනු සඳහා කාසි භාවිතය හදුන්වාදෙනු ලැබීය. මේ අනුව තවදුරටත් වෙළෙදුන්ට ඉඩම් උකස් කර ගැනීම ආදී කටයුතු වලට මැදිහත් වීමට අවශ්‍ය නොවීය. සමාජ ශුභ සාධනය පිළිබඳව වඩාත් උනන්දුවෙන් කටයුතුකළ මෙම පාලකයා දෙමාපියන් විසින් තම දරුවන්ට ජීවනෝපාය සලසාගත හැකි කිසියම් ජීවන වෘත්තියක් ඉගැන්වීම අනිවාර්ය කළේය. දරුවන් වහල් සේවය සඳහා විකිණීම මේ හේතුව නිසා නතර විය. මෙනිසා තවදුරටත් වහල් සමාජයයීය බැමි වලින් ජනතාව බැඳ තැබීමට අවශ්‍ය නොවීය.
පාලන කටයුතු සම්බන්ධයෙන්ද සොලොස්‌ගේ පාලන ප්‍රතිපත්ති ඉතා ලිහිල් විය. උසාවි කටයුතුවලදී ජූලි සභාව මහජනයා අතරින් තෝරා ගැනීමට හෙතෙම උපදෙස් දුන්නේය. ඉඩම් හිමි ධනවත් විනිශ්චයකාරවරුන් දෙන ලද නඩු තීන්දුවලට එකඟ නොවන පොදු ජනතාව වෙනුවෙන් මහජන උසාවියකට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව උදාවීමත් සමඟම ප්‍රගතිශීලි පියවර තවත් නම්‍යශීලි විය. මේ අනුව ඇතන්ස් පෞර රාජ්‍යය තුළ සොලොස්‌ගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ පළමු පියවර ලෙස හැදින්විය හැකිය.
වංශවත් පවුලකින් පැවත ආ ස්‌ලෙයිස්‌තීනස් ජනතාවට ඡන්ද බලය ලබා දීමට පුරෝගාමිව කටයුතු කළ ප්‍රථම පුද්ගලයාය. එවකට ඇතන්ස් පෞර රාජ්‍යයේ පොදුජනතාවට පාලනය පිළිබඳ කිසිදු වගකීමක් මෙන්ම අවබෝධයක් ද නොවීය. සියලු පාලන කටයුතු මෙහෙයවන ලද්දේ ඉඩම්හිමි ප්‍රභු පාලකයන් විසිනි. මෙම පාලකයන් කිසිදු පාලන අයිතියක් නොවූ අහිංසක පොදු ජනතාව තලා පෙලා කෲර ලෙස පාලන කටයුතු ගෙන ගියහ. එවකට ඇතන්ස් පෞර රාජ්‍යයේ බලය පැරණි ගෝත්‍රික කණ්‌ඩායම් හතරක් මඟින් ගෙනගිය අතර ඔවුන්ගේම නව ප්‍රතිසංස්‌කරණ වූවත් ජනතාවගේ අප්‍රසාදයට පත් වු අතර ජනතාව ඒවා පිළිගැනීමට ද මැලිවිය. මේ අතර තුර ස්‌ලෙයිස්‌තීනස් විසින් පාලක මණ්‌ඩලයට තෝරාගත් ගෝත්‍ර 10ක් තුළින් එක් ගෝත්‍රයකින් 50 දෙනෙකුගෙන් යුත් සාමාජික සංඛ්‍යාවක් සහිත 500 කගෙන් යුත් පාලක මණ්‌ඩලයක් පත් කළේය. මෙම සාමාජිකයන්ට පාලනයට සහභාගි වීමට දුන් වරම අනුව දුප්පත් ජනතාවට යම් ප්‍රමාණයක ඡන්ද බලයක් ලැබීමේ අවස්‌ථාව උදාවිය. නමුත් මෙම ගෝත්‍ර කිසියම් නිශ්චිත ප්‍රදේශයක විසූ පිරිමි පුරවැසියන් විය. මෙසේ මෙම පාලක මණ්‌ඩලයට තේරී පත්වූවන්ට දෙවරකට වඩා එම පාලක මණ්‌ඩලයෙහි දැරිය නොහැකි ලෙස නීතියක් පණවන ලදී. එම නිසා මෙම මණ්‌ඩලයෙහි සේවය කිරීමට විශාල පුරවැසියන් සංඛ්‍යාවකට පසුව අවකාශය ලැබුණි. මෙසේ සියවස් ගණනාවක් තුළ කිසිදු අයුරකින් පාලනයට සම්බන්ධ වීමට නොහැකිව සිටි සාමාන්‍ය ජනතාව යම් ප්‍රමාණයකට පාලනයට සම්බන්ධවීමේ අයිතිය හිමිවිය. මෙය ජනතා සහභාගිත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදි පාලනයේ මුල් පියවර විය. කෙසේ වෙතත් කාන්තාවන්ට සහ වහලුන්ට මෙම අයිතිය හිමි නොවීය. ඇතන්ස් පෞර රාජ්‍යය තුළින් බිහි වූ මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන මණ්‌ඩලයෙහි නීති සම්පාදනය මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයද වූ අතරය ම් ප්‍රමාණයක අධිකරණ බලය ද හිමි වී තිබුණි. එනිසා පෞර රාජ්‍ය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ ආරම්භය ඇතන්ස් පෞර රාජ්‍ය තුළින් බිහි විය.