1. ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්‌ද?
 

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය අනුව ප්‍රජාව හෙවත් ජනතාව විසින් කරනු ලබන පාලනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ඉතා කෙටියෙන් අර්ථ දැක්‌විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ ඩිමොක්‍රසි (Democacy) යන වචනයෙනි. මෙය පැරණි ග්‍රීකයන් විසින් ජනතාව හැඳීන්වීමට යෙදූ "ඩීමොස්‌" යන වචනය පදනම් කොට බිදී ආ වචනයකි. පැරණි ග්‍රීකයන් ප්‍රථමවරට සිය පාලන කටයුතු සඳහා ජනතාවගෙන් 50 දෙනෙකුගෙන් යුත් මණ්‌ඩලයක්‌ පත්කොට ඔවුන්ගේ අදහස්‌ විමසා පාලන කටයුතු සඳහා සැලකිල්ලට භාජනය කරන ලදී. මෙම ඩිමොස්‌වරුන්ගේ සහභාගිත්වය නිසා එම පාලනය ඩිමොක්‍රසි ලෙස හැඳින්විය. මහජනයා උදෙසා, මහජනයා විසින් කරනු ලබන මෙම ඩිමොක්‍රසි හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අද ලොව ඉතා ඉනප්‍රිය පාලන ක්‍රමය බවට පත්ව තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති විවිධ මත :


*  "ඔබ අත ඇති සැරටිය කරකවමින් ඔබට ගමන් කළ හැකිය. නමුත් එහි කෙළවර අනෙක්‌ පුද්ගලයාගේ අගින් කෙළවර විය යුතුය.  -  ජෝර්ජ් වොෂින්ටන්


*  "මහජනයා විසින් මහජනයා උදෙසා මහජනයාට කරනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වේ."   - ඒබ්‍රහම් ලින්කන්


*  "සියලුදෙනාටම අයිතවාසිකම් හිමිවන ආණ්‌ඩුක්‍රමයකි."  - සීලර්


*  "ප්‍රජාතන්ත්‍රවාදය ආණ්‌ඩුක්‍රමයක්‌ මෙන්ම දර්ශනයක්‌ ද වේ."  - ගේ.ආර්. ලවල්


*  "මිනිසා උත්පත්තියේ සිට මරණය දක්‌වා සමාන අයිතිවාසිකම් උරුම කොට ඇත."
     - මිනිස්‌ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය 1789


*  "මිනිස්‌ අයිතිවාසිකම් හා අවශ්‍යතාවන් අනෙකුත් පාලන ක්‍රමයන්ට වඩා යහපත් අන්දමින් සලකා බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ ය." 
                                                          - ජෝන් ස්‌ටුවර්ට්‌ මිල්


*  "ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් බුද්ධිමත් ජනතාවක්‌ අවශ්‍ය වේ."  - බ්‍රසිස්‌ සාමිවරයා


*  "ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සාරධර්ම මත පදනම් වූවද අප යඑට වටිනාකමක්‌ ලබාදෙන්නේ ක්‍රියාවට නැංවීම තුළිනි. යඑට නීති&නුකුල බවක්‌ ලැබෙන්නේ ප්‍රයෝජනයට ගැනීමෙනි."   - ෆේ‍රඩ්රික්‌ මේයර්, යුනෙස්‌කෝ අධ්‍යක්‌ෂ ජෙනරාල්


*  "ආණ්‌ඩුවේ පරමාර්ථය විය යුත්තේ පොදු කැමැත්ත ක්‍රියාත්මක වීමයි."
                                                                - ජැක්‌වින් රූසෝ


*  "රාජ්‍යය යනු භාරකාර මණ්‌ඩලයක්‌ වන අතර එය වැසියාගේ යහපත පිණිස කටයුතු කළ යුත්තේය. නීතිය අභිබවා කටයුතු කරන පාලකයන් නෙරපා හැරීමේ බලය සමාජයට හිමි විය යුත්තේය.     - ජෝන් ලොක්‌


*  "පාර්ලිමේන්තුවේ බලය ජනතාව විසින් පාලනය කළ යුතුය. වැසියන්ගේ දේපල ආරක්‌ෂාකර දීම පාර්ලිමේන්තුවේ වගකීමයි."   - හැරල්ඩ් ජේ. ලැස්‌කි

(c) Shilpa Sayura Foundation 2006-2017