උන් කළ වැඩ සිතව
සසර දුක් දැක විරතව
උන් දැකුමට පතව
නොගොස් මිසදුටු කිලුටු පතිතව
පේවව පෝ දවස
පන්සිල් රතුව දිවිලෙස
නො කොට අකුසල් දස
පුරව නිති පින් කිරියවත් දස
තුන් සිත ම පිවිතුරු
කැරැ පුදවතින් විසිතුරු
කරව පුද නිරතුරු
දාතු දළදා පිළිම බෝ තුරු
හිත අහිත සත වෙත
වඩමින් කුලුණු මෙත් සිත
දෙන සඟ මොක් සැපත
පවතු මුනිදුන් දෙසූ පිළිවෙත
මෙලෙසින් හැම දවස
හැම පින් පුරා නිසි ලෙස
බුදුවන එන දවස
මෙතේ මුනි රජතුමන් දැක තොස
පුද කෙරෙමින් නොමඳ
බණ'සා උන් සුන් වැද
හැම කෙලෙසුන් පසිඳ
වසව සැනහී නවන් පුර වැද
සම තැ'ස් මිනිදු පිරිනිවි වස පටන් ලද
දෙදහස් පසළොසක් අවුරුදු පිරුණු සඳ
දියගොස් පැතිරි බුවනෙකබුජ නිරිදු සඳ
පිරිවස් තුනෙහි සිරිලක රජ බිසෙව් ලද
දින දින නොඅඩු දින පුද පැවැති මනහර
දනමන රඳන සෑදි ගෙවුයන් සිරින් බර
වැජඹෙන පසිදු මහරයිගම් පුර අතුර
බබළන සොදුරු වීදාගම මහ වෙහෙර
කිත් යස කොත් දස දික් දිගු යටග බඳ
මෙත් මහනෙත් පාමුළ මහතෙරිදු සඳ
සෙත් කළ මුනි සඳ ගුණ කව් පෙදෙන් බැඳ
සත් වැඩ වස් මෙ ද කළෙ මෙත් සිතින් නඳ
ගිලී කුලුණු සයුරේ සත් සෙතට සරු
ඇලී පෙරුම් කෙරෙ පුදමින් වෙමින් සුරු
බලී එ මරසෙන් බිඳ හරිමින් කුරිරු
මෙලී පිනින් බුදු වෙම්වා! තිලෝගුරු
![](/sayura/images/logo2.png)