රැස්‌වූ මහ පිරිස
වෙන වෙනම සිත අදහස
යොදමින් තම දිවැස
සොළොස් රඟකින් බලා නතු ලෙස
රැඳි දත් කෙසරු බර
දිලි දිව් කෙමින් මනහර
පොබයා මුවතඹර
සුවඳ කැරැ මුළු දෙරණ අබතුර
සලා මහදඹ ගස
අවුලා සියලු පල රස
යොදා ගෙන අම රස
බෙදා දෙන මෙන් ලොවට නිසි ලෙස
දෙරණ පෙරළා යට
මතු කොට එ රස රැස් කොට
වැඩිවන මිහි රසට
එ මිරස දෙන ලෙසින් ලෙව්හට
වන් සවන මිහි බිදු
සත සිත අමා රස බදු
බඹ ගොස කැරැ සිනිදු
රුවන් මහසුත දෙසත මුනි සදු
බඹ සුර නර එවිට
පැහැදී දෙසූ දහමට
පැමිණියහ එක විට
සුවාසු දහසක් ම නිවනට
මෙ ම සුතත සතියෙක
මුනිදු දෙසත ලොව රැක
තුටු සත නිවන් දහසෙක
අටාසු පන් සීයක් දහසෙක
මෙලෙසින් මුනි ලොවට
පිහිටව සිටිය දෙලොවට
සැබැවින් ඉන් තොපට
එ මුනිම ය පිළිසරණ හැම විට
ඉන් එ බුදුන් වදුව
උන් ගුණකඳට පහදුව
උන් සරණට ව දුව
ඔවුන් සඳහම් අසව පුරුදුව
![](/sayura/images/logo2.png)