සව් සතර නිපුණෝ
සුරැදුරු ලෙසින් දැපුණෝ
කුල සිරිනි දැමුණෝ
මුනිදු වැඳ උන්නෝය බමුණෝ
දෙනෙත් සුපිහිටියෝ
සිටු තනතුරෙහි සිටියෝ
වෙසින් නොකිලිටියෝ
බුදුන් වැඳ එක් පසෙක සිටියෝ
තැනෙකත් නොලස්වූ
මුනි රූ දැකුම තොස්වූ
නොකොට තැන් හිස්වූ
සෙනඟ මහවතුරු සේ රැස්වූ
අහසත් අට දිගත්
සක්වළ ගිරෙන් ඇතුළත්
නොහැර තුරු මඳකුත්
අවුත් රැස්වූය දිව සෙනඟත්
සියුම් ඉඳිකටු මුන
පමණක් ඔබාලන තැන
සැට සැත්තෑ බැගින
එමුරු සිටියහ සියුම් වෙස් ගෙන
එපුර පිරි පිරිවට
කළ තුන් පවුරකින් වට
යතිදුන් ගොස් අවට
පිරිත් පැන් ඉසි සඳෙහි මොනවට
එපිරිත් පැන් ඇඟට
වැද ලෙඩ රෝග එම විට
දුරුවත කිසි නො සිට
නිඳා පුබුදින ලෙසින් නැඟි සිට
දනයෝ එ පුර වට
සැරහී රැගෙන පිරිවට
තෙරිදුන් සහ එවිට
ගොසින් වන්නුය ඇතුළු නුවරට
නුවරුන් සමඟ වැද
මුනිදුන් සිරිසරණ වැඳ
අනඳ තෙර හිමි සඳ
එ සබ තුළ එක් පසෙක උන් සඳ
