හිමිසඳ මුදුන දුන්
රන් කිරුළු මිණි සිරි දුන්
සත සිත කළ නදුන්
නුවර මැද මහපාය නිරිදුන්
සිටි සුරසිදු සෙ වැඳ
පිරිසිදු සුදු වියන් බැඳ
දිලෙන රන්තරු මැද
මලෝ ලඹු මුතුලැලින් කැරැ නද
දුරලන ගනඳරා
ගත් රිවි රසෙව් උදුරා
රැගත් නෙත් පැහැරා
අවට රන් පට තිරෙන් අවුරා
සිවු දෑ ගඳ කලල්
පිරිබඩ රැගෙන බිම නිල්
සිතුයම් කළ නිමල්
අනගි මුබුතුරුණු ලා මනකල්
ලෙළ මුතුලැල් නොමඳ
බඳ සේසතින් මනනඳ
අසුනක් එ මඩු මැද
සදා වැඩ ඉඳින ලෙස මුනි සඳ
සත්රුවන ලදුවා
ලෙස තම සිත පුබුදුවා
ගුණෙන් පිරිසිදුවා
මුනිදු අස්‌නෙහි වඩා හිදුවා
ඉදිරි කැරැ සිතුමිණ
පෙළ සදන මෙන් මිණි ගණ
සත සිත පිය කරණ
වඩා හිදුවා රහත් සඟ ගණ
තම මිණි කිරුළුදෝ
සිලිලෙන් සරණ කරදෝ
තබා මුදුන'ත දෝ
මුනිදු වැඳ උන්නෝය නිරිඳෝ
රන් මිණි මුතු පබළු
අබරණ පැළඳ සුලකුළු
ඇඳ නිසි කසී සළු
පසෙක උන්නෝය රජ මැති මුළු