රචනාවක් ලිවීමට ප්‍රථම රචනා සැකිල්ලක් සාදාගත යුතුය.
නිරවුල් ව අදහස් ප්‍රකාශ කිරීමට හා නිවැරදි බව රැකීමට රචනාව ඡේද වලට වෙන්කර ගත යුතුය.
ඡේද තුල කරුණු පෙළ ගැසීම තුලින් එකම දෙය නැවත නැවත ලිවීම වලකා ගත හැක. රචනය ක්‍රමානුකූල බව ඉන් ඇති වේ.
රචනයක් ලිවීමට පෙර සුළු කාලයක් වැය කර සැකිල්ලක සාදාගැනීම තුලින් අවම කාලයකදී ගුණවත් රචනාවක් ලිවිය හැක. අදහස් නිසි ලෙස පෙළ ගැන්වූ රචනාවක් සාර්ථක වේ.
1. හැඳින්වීම
පාඨකයා රචනාව කියවීමට අවතීර්ණ වන්නේ මාතෘකාව කියැවීමෙනි. එහිදී මාතෘකා වදන් වලින් අදහස් වන කරුණ පැහැදිලි කිරීමට පළමු ඡේදය යොදා ගත හැක.
කියවන්නා තුළ ප්‍රබෝධයක්, කියවීමට රුචියක් හා කුතුහලයක් ඇති වනසේ රචනයේ අන්තර්ගතය හඳුන්වාදීමද එක් ක්‍රමයකි. එම හැඳින්වීම කෙටි විය යුතු අතර ඉතා නිරවුල් ලෙස ඉදිරිපත් කළ යුතුය.
රචනා ශරීරය
රචනයේ ප්‍රමාණය අනුව රචනා ශරීරය තව දුරටත් ඡේද හා උප ඡේද වලට වෙන්කර ගන්න.
එක් එක් ඡේදයට උප ඡේදයට අදාල කරුණු වෙන්කර ගන්න.
භාශා ශෛලිය
ඔබ යොදාගන්නා බස් වහර හා භාෂා විධි උපක්‍රම වෙනස් විය හැක. මෙහිදී රවකයාගේ දැනුම, ප්‍රකාශන ශක්‌තිය විදහාපෑමට උත්සාහ කළ යුතුය.
මාතෘකාවට උචිතවීම
අතිශයින්ම මාතෘකාවට උචිතව අදහස් ගොනු කිරීම වැදගත් වන අතර පද හැසිරවීම, විචාරාත්මක බව හා සංයමයකින් යුතුව කරුණු ඉදිරිපත් කිරීම කළ යුතුය.
රචනා අලංකරණය
සිංහලයේ විවිධ පද රාශියක් රචනා අලංකරණයට යොදාගත හැක. එකම වචනය නිතර නො යොදා විවිධ සමානාර්ථ ගැලපීම කරන්න. උපමා රූපක රූඩි හා පිරුළු උචිත ලෙස යෙදීමත් රචනා අලංකරණයට හේතු වේ. අධික ලෙස අලංකරණ යෙදීමෙන් රචනාවේ ගලා යැමට හා අවධානය බිඳීමටද හේතු වේ.
රචනාවේ ප්‍රමාණය
රචනාව අනවශ්‍ය ලෙස දීර්ඝ කළ යුතු නොවේ. එය කෙටි විය යුතුද නැත. කියවන්නා වෙහෙසට පත් නොවන තරමට එය දිර්ඝ විය හැක.
භාෂා තාක්‍ෂණික කරුණු
අක්‍ෂර වින්‍යාසය, විරාම, උක්‌ත ආඛ්‍යාත පද සම්බන්ධතා ද අත් අකුරු වල නිරවද්‍ය භාවය ද සැළකිල්ලට ගන්න.
අවසාන කිරීම
රවනයක් අචසාන කිරීමට කාලීන වශයෙන් වැදගත් නිගමනයන්, යෝජනා සහ මාතෘකාව පිළිබඳ ලේඛකයා තුළ පහල වූ හැඟීම් සම්පිණ්‌ඩනය කොට ඉදුරිපත් කිරීම සුදුසුය.
![](/sayura/images/logo2.png)