60 පිටුව
 

යක්‌ බූ පියස්‌ කළ
උවදුරු දුරින් දුරු කළ
අණසක නිති වතළ
නොහැර කෙළ සුවහසක්‌ සක්‌වළ


පවතින සත සෙතට
මෙලොව පස්‌ වාද හසට
කියා පුර පිරිතට
රුවන් මහසුතුර ඒ තෙරිදුට


මිණිපය දිය පුරා
මෙ පිරිත දෙසා සපුරා
ඒ දිය ඉස මෙ පුරා
පිරිත් කරවයි කියා ඉදුරා


සිටි සඳ මුනිදු සඳ
නිරිඳෝ වෙමින් මන නද
සියු රඟ සෙන් නොමඳ
රැගෙන එ පුරෙහි යොදා මහ පුද


නො නැඟෙන ලෙස රජස
බිම නො හෙන ලෙස රිවි රස
සිතුයම් ලෙස දෙපස
සොයා මහැඟි වතින් නිසි ලෙස


ලඹ මල් විදු ලෙසට
සදා බිම සුදු මල්පට
පුර මහවෙ දෙපිට
පහන් ලා රන් රිදී මිණි වැට


පුද පෙරහර සතස්‌
කැරැ සරහමින් නොසරස්‌
බුදුන් සහ සඟ රැස්‌
ඇතුළු නුවරට වඩා ගෙන ගොස්‌


දහස්‌ සිය සත් සත්
නිරිදුන් ඉඳිත මැති යුත්
දිගු පුළුලැ'ති මහත්
සුරිදු විජයොත්පාය සිරි ගත්


සුරන් ලෙස මෙරඟේ
රන් දද ලෙළෙන සුළඟේ
නුබ සිතුයම් රඟේ
පැතිරි මිණිකොත් කිරණ තරඟේ

(c) Shilpa Sayura Foundation 2006-2017