ගල වුව එරී යන
පුලුන වුව රැල් නො මැඩෙන
සම ලකුණෙන් සොබන
සුපිපි සත්බුමු පියුම් පිට යට
බඹ සුර නර මුදුන්
විල පිපි පියුම් සිරිදුන්
සියුමැලි වන නදුන්
තබත සිරිපා දෙරණ මුනිදුන්
බවගිම් හැර එ රට
වස්‌වන දහම් වැස්‌සට
සැක දුරු කර ලොවට
පාන පෙර නිමිති සේ එම විට
මුල් …දුබ්බිත් දුකට
තද රිවි කිරණ ම ය බට
එබැවින් ඒ මෙ විට
වැද්ද නො දෙමැයි යනු සෙ දෙරණට
නිල් පැහැ කවද ගෙන
මහ ගිරි දුදුලු පැනගෙන
මහසෙන් මෙන් දින
වසා නුබ ගන අදුරු කොට ගෙන
අප මුනිදු වැඩි දෙස
නො තිබිය යුතුය කණු රැස
දමවයි කියන ලෙස
පුරාගෙන ගන ගොසින් දස දෙස
විදිනට යක් සෙනඟ
දෙවියන් රැගත් දුනු රඟ
ගත් නන් පැහැ තරඟ
සදා ඉදු රැසින් සුරඟ
අප හිමි මිනිදුට
සිකි නළ රඟන රඟුමට
හළ මලැදිලි ලෙසට
සදා කොකවැල නැඟෙත අහසට
එළි කැරැ විදුලි දළු
පළාගෙන ගන ගනකුළු
මුනි පුදයට ලකුළු
විදා පත් කරන සේ දිව සළු