56 පිටුව
 

බිඟුදැල් ගත් බැමුණ
සුවඳැ'ති කුසුම් අපමණ
පුරවා මඟ දෙරණ
තනා ඇම තැන ම කර අතරණ


නන් පුන් කුඹු තබා
බඹා දිගු කැන් ඔලඹා
සිටු සිටුවා රඹා
ලඹා මල් කැන් අතුරු නො තබා


බැඳ වට පට සුදෝ
ලඹ කෙහෙලි රන් කලදෝ
මඟ සරහා සොදෝ
දහස්‌ සත් සත් සියක්‌ නිරිඳෝ


මිහි වදයෙහි ගඳට
දිවන බිඟු මෙන් ඉව කොට
තද ගිම් කළ දියට
දිවන ගජ සෙන් ලෙසින් විලකට


ගැසූ මස්‌ ගොදුරට
දිව එන මසුන් විලසට
යාගෙයි කිරි බතට
දිවන බමුණන් ලෙසින් එක විට


දොර ළ දන් දීමට
පිරි සත් රුවන් ගෙයකට
ඔවු නොවුන් පසු කොට
දිවන දිළිදුන් ලෙසින් ලොබ කොට


තුන් යොදුනම තොසේ
තුන් පියවරින් යන සේ
සමඟ මහ පිරි සේ
ගොසින් වැද ගං තෙරට එම සේ


එන බුදු රස්‌ බලා
පිපෙන මෙන් විල් කමලා
වෙසෙසින් තුටුව ලා
නැමඳ මුනි සිටි දෙසට ඉසලා

(c) Shilpa Sayura Foundation 2006-2017