කරනුව ලොවට සෙත
වඩිතී අසා එ සුගත
සක්‌විති රජ සැපත
සැපත් වූ මෙන් සතොස්‌වා සිත
කප්කෙළ සුවහසේ
බුදුන යන නම මෙලෙසේ
නො ඇසෙයි අප මෙසේ
සිටිනු නො යෙදෙයි සිතා එම සේ
මුනිසඳ වඩින්නේ
සිත මෙත කුලුණකින්නේ
මෙ අප නරයන්නේ
මහත් කළ පිනෙක පලදුන්නේ
අපිය දුක් වන්නෝ
උතුමෝය දුරලන්නෝ
එ බුදු ය වඩින්නෝ
කවුද පෙර ගමන නො කරන්නෝ
එ බැවින් අප වෙතට
වඩනා තිලෝගුරු හට
අපගේ බල පමණට
කරම්හයි මහ පුදක් නිසි කොට
තුන්සිය යොදුන් රට
නුවර උන් දන රැස් කොට
කරන මුනි පුදයට
යොදා මඟ සරහන්ට නිසි කොට
අප හිමියෝ අපට
සැරහුය මඟ නිවනට
එවැනි සුගතිදු හට
සදනු මඟ අරුම කිම මෙ අපට
එ පුරෙහි පටන් කොට
තුන් යොදුන ගං අතරට
දමා කණු මුල් කැට
තනා බෙර ඇස සේම සම කොට
වැලි එම බිම අතුට
රිදී පටසේ සුදු කොට
ඇම තැන මඟ දෙපිට
පහන් ලා රන් රිදී මිණි වැට