54 පිටුව
 

වැද රන් මිණිමුතු දිගු රැස්‌ වනවා
සොඳ තිරිකුඩ බැඳ මාහැඟි වනවා
සඳ මලෙව් පිරි සත සිත පිනවා
මැද මුනිදුට නිසි අස්‌නක්‌ පනවා


බිම වසවා දෑ සමන් මල් ඉස්‌නේ
වැඩ හිදුවා මුනිදුන් මැද අස්‌නේ
වට හිදුවා රහතුන් සිත තොස්‌නේ
සිත පිනවා ලිය ඉන් බුදු සස්‌නේ


රත් පලසින් වට කළ රන් ටැඹ සේ
රත් පියුමිළු මැද පත් රන් නැව සේ
රත් පිළිමිණි මැද දිලි ගිනිකඳ සේ
රත් තුරුවැල නැද දිසි පුන්සඳ සේ


පියුමිළු වටකළ රත් පියුමක්‌ සේ
පෙති මැද වැඩ සිටි කෙසරු සළා සේ
කෙසුරෙන් පිරිවැරු රන් කෙමියක්‌ සේ
බබළයි සඟ පිරිවැරු මුනි සොඳ සේ


පුදලත් මිණි කිරුළෙන් සුරිදුන්නේ
විහිදෙත් සවනක්‌ රස්‌ මුනිදුන්නේ
පළබිත් සහ එම වැද දිලියෙන්නේ
නොකළත් සත්රුවනින් කළ වැන්නේ


සොඳවා රන්පලු විදුලි සහස්‌සේ
බඳවා දද ඉදුදුණු සුවහස්‌සේ
වැසුවා මෙන් ගඟ නොව සිදුරස්‌සේ
යොදවා ලිය නිසි නැව් පසු පස්‌සේ


මෙලෙසින් සදමින් නැව් එක රඟටා
රජසෙන් හැම සලසා පිරිවරටා
බසිමින් කර පමණක්‌ ගඟ දියටා
මුනිදුන් වැඳ රජ කී මේ ලෙසටා


හැම උවදුරු දුර කර එ රදුන් රට
සම මෙත් මුනි වඩනාතෙක්‌ මෙතනට
පෙම වඩමින් ඔබ ගුණ සිහි කොට කොට
මම නො ගොසින් ඉඳිමැයි කී නුවරට


සඟ පිරිවර මුනි දැකුමට එකෙණේ
ළඟ දිව නයි කැල පෙණකැල පෙනුණේ
දඟ වන මන සුරඟන රඟ සැදුණේ
ගඟ සුදු රත් පිපි පියුමෙන් සැදුණේ

(c) Shilpa Sayura Foundation 2006-2017