53 පිටුව
 

දැන ගෙන මුනි සිරි සෙනඟ බළෝයා
තැන තැන මුනි දැකුමට ඔසළෝයා
මන පිනවන දසනෙහි හසළෝයා
වෙන වෙන දෙසකට සිත නො කොළෝයා


සවන කිරණ දුළ මුනි මෙර වැන්නේ
වඩන එසඟණ කුලගිරි වැන්නේ
පනන තුරඟ පෙළ සිදු රළ වැන්නේ
එයන සෙනඟ ගොඩ යන සිදු වැන්නේ


සුරපා මෙන් දිලි වෙහෙරින් වෙහෙරා
සතපා සඟගණ සහ මුනි පවරා
පෙළපා ළිය දැන කෙරෙමින් අදරා
නරපා ළිය දන් දී පුද කෙළෙ නිතොරා


සතොසින් සිත් පුද කෙරෙමින් මුනි සදුටා
නොල සිත් ගොස්‌ වැඳ මහ ගංතෙරටා
වෙසෙසින් මුනි පුද කරවන ලෙසටා
මෙලෙසින් දින'සුන් එ විසල් පුරටා


අප අපගේ බල පමණින් මුනිදුට
සැප සපයා කළ පුද ලද නිසි කොට
සැපැමිණියේ මුනිසඳ ගඟ මෙතෙරට
තොප තොපගේ බල පමණින් පුද කොට


කැඳවා ගෙන ගොස්‌ මුනිදුන් නුවරට
සොඳවා මහපුද කරවා නිසි කොට
මුදවා උවදුරු කරවයි සෙත රට
යොදවා අස්‌නක්‌ මෙහෙයා එම විට


සොඳවා මහනැව් බැඳ ගළ පායා
සිටුවා එහි දිළි පෙළ පෙළ පායා
නඳවා සුරපහ සිරි වෙළ පායා
කරවා දිගු පුළුලැති මහ පායා


බඳවා සුරසිදු බදු සුදු වියනේ
අදවා වට පටතිර සරහමිනේ
සදවා ලඹ ඉදුවර මල්දමිනේ


කොන් කොන් වල මිණි මුතුලැල් එල්ලා
බන්නන් රන් දද නෙලෙනි වෙවුල්ලා
ගන්මින් පිරිබඩ සුවඳ කලල්ලා
නන්වන් රන්මිණි කිරණිනිදුල්ලා

(c) Shilpa Sayura Foundation 2006-2017