50 පිටුව
 

මහරැටි ගණ අවුත්
පිළිවිස නිරිදු මහවත්
සදනුව වඩා නැත්
බුදුන් වඩිතී කියා යත් යත්


සුර පුරයෙන් අවුත්
අතුරු නොව නුබ සිට ගත්
බුදු පුදට කළ සිත්
සුරඹ ගණ සුවඳ දුම් ලත් ලත්


වූවත් එක සතකුට
වන වැඩ තකා දුරකට
වඩනා බැවිනෙවිට
නික්‌ම ගත් සඳ මුනිදු ගමනට


මහබඹ ඉදිරි කොට
නික්‌ම යන බඹ පිරිසට
නොහොත් සඳ මඬලට
පසුව පෙළ සැදුණු තුරු විලසට


සක්‌ දෙවීරජ පෙරට
කරු සැදුණු සුර සෙනඟට
නොහොත් මිණි රුවනට
පසුව යන මිණි රුවන් විලසට


සදත් ගජ රජහට
පසුව යන ගජ සෙනඟට
වෙසෙසින් නිසරු කොට
නිකුත් සඟගණ පසුව මුනිදුට


රජ දරුවෝ මහත්
ආදර ඇතිව බලවත්
මුනිදුට ලොවග පත්
නැගු සේසත් පිට ම සේසත්


මිනිසත් බවට දිඩ
මෙම යයි දනෝ වන වැඩ
සගඟන හට නො කඩ
නැඟු පන්සියයක්‌ ම සුදු කුඩ


දද කුඩ කොඩි ගන්නෝයා
සොද ගඳ දුම් ලන්නෝයා
පින්පල බල දන්නෝයා
මුනි පුදයට වන්නෝයා

(c) Shilpa Sayura Foundation 2006-2017