ඒ මුනිසඳ ගමනට
දික් කරන පද දෙරණට
මිහි'රා නැඟි රුවට
සුපිපි සත්බුමු පියුම් පිට පිට
ලා රසිනි රැදු උදු
බදුවද කුසුම් පට බදු
දෙපට අඳනය මුදු
වඩා තෙමඬුලු වසා මුනිසදු
බඳින රන්දමිනේ
පබළු කළඹක් ලෙසිනේ
බබළන හැම දිනේ
පටි දාතුවෙනි බැඳ අඳනේ
සක්‌වළ ගිරි අවට
සිටි සඟ සුනෙර ගිරි පිට
දිය පොළොව හිමි කොට
රැගත් මහිමඬල කම්පා කොට
නුඟපල සේ සුරත්
පැහැයෙන් කරන දිගුබිත්
කිසි කිලුටක් නොගත්
සුගත් මහසිවුර ගෙන එ සුගත්
රත් පලසකින් මෙර
වට කරන මෙන් මනහර
දිලි රන් වන් සිරුර
වසාගෙන පෙරව මුනි සිටි වර
නුවන් ලද පල විඳ
ලෙවන් තුටුවන ලෙස සොඳ
සවන් සිරුරෙන් නඳ
මෙසේ නික්‌මිණි සවන් රස් කඳ
ඉදුනිල් මිණි රසින්
නවහම් කරන විලසින්
නික්‌මුණු නිල් රසින්
සෑදිණි හැම සක්‌වළ ම වෙසෙසින්
කිණිගිරි පෙති සමඟ
සදන සපුමල් පෙති රඟ
රන්වන් රස් තරඟ
විදා දිවගති දියත එක රඟ
![](/sayura/images/logo2.png)