44 පිටුව
 

අවාබිය අවරණ
දක්‌වා ලොවට තසරණ
පහළ කැර අපමණ
තමා නව අරහාදි බුදු ගුණ


පන්වා දුසිරි සිත
නංවා දහම් ජය කොත
පෙන්වා ගුණ මහත
ලොවට දන්වා තමන් දළ මෙත


ලෙසින් සිහිල ඹයා
තෙපුලෙන් සතන් පොබයා
පර වැඩ අරබයා
දියත සිටුවා දහම් ටැඹයා


සසරට සතුරුවා
කෙලෙසද රට මිතුරුවා
සම මෙත් පතුරුවා
දහම් මහගඟ ලොව උතුරුවා


තමන් නම අස්‌වා
දහම් ජයබෙර ගස්‌වා
පිරිසිදු පසැස්‌වා
සොදුරු සහ පවඟ මඟ සස්‌වා


දහම් සිත පුරවා
නිවන් පුර දොර හරවා
මරු මන් දෙදරවා
තමා නම නිතොර සිහි කරවා


සමවත් සුව යෙදී
එ සුව සඟටත් ගෙනදී
මහකුලුණෙන් බැඳී
ලෙවන් කළ'මිස පුදෙහි නො බැදී


උස්‌ කැර සිල් පවුර
තර කැර දහම් කඳවුර
සහ සවු මැති පවර
වෙසේ දම් රජව මුනි එ වෙහෙර


ගොතින් ගෝතම නම්
ගුණෙන් සෑදි සම්බුදු නම්
මුළු ලොව තමා නම්
මිතුරු කළ එ බුදු වැඩියෝ නම්

(c) Shilpa Sayura Foundation 2006-2017