42 පිටුව
 

පෙර බුදුවරුන් හැම
දුටු ලෙස දකින නො හැරම
නුවණින් අසමසම
බුදුව සව්නේ ගෙවා අලුයම


වැළදු අම රසින්
කිරිපිඬු එකුන් පනසින්
වෙන අහර'දහසින්
නොගොස්‌ සත් සතියක්‌ ම වෙසෙසින්


දෙසූ මේ සදමින්
මුදමියි සතුන් අදමින්
සවන් රස්‌ විදමින්
ගොසින් බරණැසට බඹ යැදමින්


විහිදා බඹ ගොසා
සියුසස්‌ දෙසා සකසා
නිවන්පුර සලසා
බඹුන් අටළොස්‌ කෙළක්‌ නොලසා


තුටු කර සත සතන්
දෙසවයි දහම් ඇමතන්
සිත ලෙලෙසුන් මුතන්
යවා මුළු ලොව සැටක්‌ රහතන්


නො දැන බුදු බල පෙර
තවුසන් කරන අනදර
දක්‌වා වරින් වර
දහස්‌තුන් පන්සියක්‌ පෙළහර


තුන් තවුසන් එදා
පිරිවර සමඟ සමුදා
බව බැදුමෙන් මුදා
යොදා මඟ පල රසෙහි නොමඳා


එ සඟ පිරිවර කොට
බඹ සුර නරන් තුටු කොට
සක්‌රුවන සේ බට
එයින් වැඩ රජගහා නුවරට


මුනිසඳ සඳ මෙනේ
දහසක්‌ සඟුන් රැගෙනේ
විසල් සල් උයනේ
වැඩ ඉඳිති යනු අසා එදිනේ

(c) Shilpa Sayura Foundation 2006-2017