41 පිටුව
 

මැදුම් පිළිවෙත සිට
සැප දී මඳක්‌ සිරුරට
සේනානි ගමට
ගොසින් අජපාල නුග සෙවණට


සුජාතා නම් ලඳ
ගනරන් තලියකින් සොඳ
දිවඔද ලු නොමඳ
මියුරු කිරිපිඬු ගෙනත් දුන් සඳ


කිරිපිඬු නො අඩු කොට
එකුන්පනසක්‌ පිඬු කොට
වළඳා උඩුගඟට
තලිය හැර සුබනිමිති දැක සිට


බමුණකු දුන් අතට
ගෙනැ'ර කුසතණ අටමිට
ගොස්‌ බෝතුර මුලට
සලා පැළදිග බලා වැඩ සිට


මිහිරා නැඟි රුවට
තුදුසත් විදුරසුන් පිට
පිට ලා බෝතුරට
යෙහෙන් ඉඳ සියු ඉටන් දැඩි කොට


ආ මර සෙන් රොසේ
දස බිම්බරක්‌ එම සේ
බිඳ හැර දස දෙ සේ
තුමුල් නල පත් පුලුන් රළ සේ


පෙරයම පෙර දවස
නොඑක්‌ කප් කෙළ සුවහස
කඳ පිළිවෙලළ වෙසෙස
පැවැති මොහදුරු දමා මුල් පිස


මැදයම ලැබ දිවැස්‌
සැව පිළිසඳෙහි දන රැස්‌
දැක මතු වන දවස්‌
පැවැති මොහදුරු දමා නොවලස්‌


සූවිසි පසාකර
විමසා නැණින් සැක හැර
වත්මන් කල් අතර
වැසූ මොහදුරු පටල දුරුකර

(c) Shilpa Sayura Foundation 2006-2017