40 පිටුව
 

සක කුලඹර ළසඳ
එ යසෝදරා නම් ලඳ
පින් සිරි පිරි නොමඳ
පවර රාහුල කුමරු ලත් සඳ


දැක සියු පෙර නිමිති
ඇර රද සැපත සිත රුති
ලබන මතු සක්‌විති
සැපත් නොතකා සිතින් නො නැවති


ඉසොරා මැදුරතට
දිගුකළ පයැද එම විට
සන් මැතිදු පසු කොට
නැඟී කන්තක මඟුල් අසු පිට


නික්‌මෙනු දැක එවර
හළ සඳ සුරන් පුරදොර
පසු පෙර දෙඅත්වර
සුරන් සැට සැට දහස්‌ පිරිවර


දිගුබිත කර පහන්
ගත් මිණි දඬු වැට පහන්
හිමි සිත තුටු පහන්
ගෙවා තිස්‌යොදුන ගොස්‌ නො පහන්


අරුණු රැස්‌ ප තරව
සහ තඹසිළුන් ම තරව
රිවි එත රත තරව
අනෝමා නම් ගඟින් එ තරව


දස පැරුමන් බුහුටී
පිරුණෙන් සිතෙහි නොකිලිටි
කෙලෙසුන් සහ දිගැටි
මඟුල් කඩුවෙන් කපා කෙස්‌ වැටි


ලොවට පියකරණව
මහබඹහු දුන් පමණව
සිවුරු ගෙන මහණව
එතෙර වන ලෙස සසර මහණව


පිළිවෙත කර තදින්
අවුරුදු සයක්‌ පබඳින්
ගත් වෙන වෙන ලදින්
නිවන් මහවත සොයා නොලදින්

(c) Shilpa Sayura Foundation 2006-2017