39 පිටුව
 

දනන් කළ උන්මතු
දණ උතුයුගට රන්උතු
සරි නො වන දැන්යුතු
උවම් නැත දුට කියමි මින්මතු


නුබ මැද පත පතඟ
නො දිලෙන පහන් සිළු රඟ
උවම් නො කළැකි ළඟ
කෙසේ වනමු ද ඔවුන් යුගදඟ


රූ සයුරේ පතුල්
නො පෑ උන්ගේ දෙපතුල්
කෙරෙයි සත ලොබතුල්
කුමක්‌ කියමු ද මෙ ලොව කර තුල්


නො වසා යුවළැසේ
දැක දැක රිසි නො යනසේ
රුව ඇතිකල මෙසේ
කිම් ද නර සුර ලොවැසි වෙනසේ


නම ඇසූ පමණට
ලොබවන මතුරු විලසට
මුන් රුව වන් නෙතට
ලැබෙන සඟමොක්‌ සැපයි උගහට


සුරඟන සරි සිරින්
බබළන මොවුන් රුසිරින්
බැදුණහු පෙම්බරින්
කෙසේ ගැලවී යෙද්ද සසරින්


මෙලෙසින් ලොව මහත්
වියතුන් බසින් තුති ලත්
පවර රිවිකුල කොත්
රුවින් මුළු දඹදිවට අගපත්


පිළිවෙත කර තදින්
අවුරුදු සයක්‌ පබදින්
ගත් වෙන ලදින්
නිවන් මහවත සොයා නොලදින්


නො හැර ම දසදි ගෙහි
පෙන්වා යසස බව යෙහි
අඩු කළ සිරි ස ගෙහි
විසී විසිනව වසක්‌ ගිහි ගෙහි

(c) Shilpa Sayura Foundation 2006-2017