38 පිටුව
 

මුන් වරලස කලබ
සරිවන වතක්‌ නොම ලැබ
නුදුටු නො ඇසූ සුබ
මුහුල කෙලෙසින් මැවීදෝ බඹ


ඉදුනිල් ඉදුවරට
නැත මෙ වැනි පැහැ මුළු රට
මොවුන් අස්‌ මැවුමට
කුමන පැහැයක්‌ ගති ද එක්‌කොට


දුටු දුටුවන් ඔකඳ
වන මුන් වුවන් පුන්සඳ
මවන කල නුබ මැද
අනේ කුමකට මැවි දෝ සඳ


වට මට සිලුටු කොට
ගත හැකිලීමකින් වට
උන් කර හිරි තුනට
කුමන උපදෙස්‌ ලදි ද ඇදු මට


ගනරන්කුඹු අයුරු
දුටු දුටුවන්ට පියකරු
කලොත් උන් පියොවුරු
බඹා බඹසර වේ ද තහවුරු


මොළොක්‌ සිහිලැල් වත
එක්‌කොට අඹා පැහැ පත
අයුරු මුන් කොමළත
බලව උවමක්‌ සොයත අන් නැත


සදත් කුඹු අයුරු
උසුලන පුන් පියොවුරු
ඉඟ සිහින නිබොරු
කිවයි අදහා ගනිති කවුරු


තුනු කර තුනු රුවට
කළ කම් වෙසෙස පෑමට
දුන් කළු හුය ලෙසට
වසාරොද උන් වැජඹි මොනවට


රඹකඳ ගඳැත්තර
පෙර කළ බඹහු මෙහෙවර
නපුරැයි හැම දුරැර
මැවූ වැනි ඇය වටොර මනහර

(c) Shilpa Sayura Foundation 2006-2017