37 පිටුව
 

යසසින් සුපිරිසිදු
කළ තුන්ලොව ම සව්සුදු
රජ උතුමෙක්‌ මෙබදු
වීය සිදුහත් නමින් පරසිදු


362. අසුර සුර බඹ හැම
තුටුකර නරන් නො හැරම
දක්‌වා ලොව මහිම
එ හිමිසඳ තම උපන් දිනෙහිම


මිහිපිට සිට තොසින්
දිගත නරඹා දිගැසින්
සක්‌විති රජ වෙසින්
ගොසින් සත්පියවරක්‌ වෙසෙසින්


සුර මහබඹ සබව
පුදත දැන බුදුවන බව
තෙපුලෙන් ගෙන සබව
කීය තම මුළු ලොවට අග බව


සිට සත් මැසි වයස
පලක්‌ බැඳ ඉඳ නුබ කුස
නම්වා පිතු සිරස
දියත කියවිය තමා යසරැස


ලොව හැම සතන් නිත
ඇරගෙන යතත් අඩු නැති
නිදන් සතරෙක්‌ ඇති
ගවු දෙ තුන් ගවු යොදුන් ගැඹු රැති


හිම් හිම් වසන් කල්
විසුමට සුදුසු සුවිසල්
තුන් පස්‌ සත් මහල්
එ තුන් පහකුසෙහි විසි මනකල්


තෙසු කුලඟනන් හැර
රජකුල උපන් මනහර
සුරඟන'යුරු පවර
ලියන් සතලිස්‌ දහස්‌ පිරිවර


දිලි රුව මෙන් කසුන්
ගමනින් හසුන් මන් සුන්
වියෙ'විහට සුදසුන්
යසෝධර නම් කතක්‌ මෙහෙසුන්

(c) Shilpa Sayura Foundation 2006-2017