36 පිටුව
 

රිවිකුල සුරතුරේ
ගත් අමපලෙක අයුරේ
සිටි පිය තනතුරේ
විය ඔහු පිත් රජෙක්‌ එ පුරේ


ලෙස සරද දෝනා
යසසින් ලොව සු දෝනා
සිත කිලුටු දෝනා
නමින් ඒ රජ වී සු දෝනා


මුනිදුට තිලෝගුරු
ලබන ලෙස පිය තනතුරු
දස පැරුමන් සොදුරු
පුරා කප් සුවහසක්‌ නිරතුරු


සුර බඹ සතුටු කොට
හැම නරනිදුන් පසුකොට
එ පින් පල දෙනු කොට
පැමිණි මහරජතුමෙක එ පුරට


මවු තනතුරු පතා
බුදු කෙනෙකුන්ට නියතා
දන් සිල් ගුණ ඉතා
පුරා කප් සුවහසක්‌ සතතා


සිරින් සුරි ඳා වූ
යසසින් පුන්ස ඳා වූ
තෙදින් දිනි ඳා වූ
අදුන් සක්‌ නරනිරිදුට ඳා වූ


රුසිරෙන් ත මායා
සරි කළ ලෝ අමායා
වන් නෙතට මායා
රදු යුත්වූ නමින් මායා


සුදෝවුන් රජු පිණිස
එ මායා බිසොවුන් කුස
පිළිසැඳ ගෙන සකස
බිහිව මැදිපෝදා වෙසක්‌ මස


දුටු දුටුවන් සිතට
සක්‌විති සැපත් පසු කොට
සැපමිණ ඉදු ලෙසට
කිඹුල්වත් පුරෙහි රජ සැපතට

(c) Shilpa Sayura Foundation 2006-2017