ලත් පදවි සක් දෙ
දෙවියන්ට වූ කුල දෙවි
මන්දාතු මර දෙවි
පසන් කිත් දියකඳින් කළ දෙවි
මුළු සක්වල වැජැඹි
සිත අවගුණෙන් නො කැලැඹි
බෝසත් ගුණෙන් දැබි
මහා සුදසුන් රජුන්ගෙන් හෙබි
පදනිය කිරණ මලි
කළ නිරිදුන් මුදුන් මලි
බඳ ලොව ජය කෙහෙලි
පසිදු මුවදෙව් රදුන්ගෙන් දිලි
ගොස් බඹතල දැවටි
යසලිය රඳන දිගු යටි
ලොව නුගුණ කළ පැටි
පවර නිමි නිරිදුගෙන් සුපිහිටි
රුපුසෙන් බිඳ ගිහිණි
ලත් දෙවිදුන්ගෙන් අගමිණි
සව් සිප් කෙළ පැමිණි
කුසා රජ පරපුරෙන් සපැමිණි
අවබිය නැවැත්වූ
දස රජදම් පැවැත්වූ
විකුමෙන් මහත්වූ
එ රම් රජුගෙන් සසිරිමත්වූ
පුන්සඳ කිරණ බදු
යසසින් දියත කළ සුදු
සිවු සඟරා පුරුදු
ඔකාවස් පරපුරෙන් පරසිදු
මෙලෙසින් ලොව පැවැත
ආ රජපරපුරෙන් පත
ජයසේන නම් යුත
පවර නිරිඳෙක් වී කිඹුල්වත
ඔහු පුත් වූ නොමඳ
විකුමෙන් රජුන් මන් බිඳ
සීහහනු නම් ලද
රජෙක් එ පුරෙහි ම රජසිරි ලද