ගොළුවන් කී මියු රස ගී ලෙසටා
බිහිරන් දෙන අත්තල තාලමටා
දැයදුන් ඇස දුන් රසදුන් ලෙසටා
පිළුනන් දන රඟ කැරවූ රුවටා
මිනිසත් බව තිරිසන් අත්බව ලද
හැමසත් වග විදිනා හැම දුක් තද
බැලුවත් දසදහසක් සක්‌වළ වැද
මඳකුත් නැත ඒ බුදුන් බුදුවන සඳ
දස දෙස මදෙහළ මෙන් නිකසළිවී
නිසලව සිවුසයුර ම රසැතිළිවී
තොස කර මුළු ලොව ගත් පුදකෙළිවී
දස දහසක් සක්‌වළ එකහෙළිවී
මුළු තුන් ලොව ගෙය ගෙය හළ දොරවී
දනකැන් වදබන්දනයෙන් තොරවී
හැමතැන් දිව සුවඳින් මනහරවී
මෙලෙසින් මුළුලොව මහපෙළහරවී
එබසින් එබසට කරවා තුති නද
වෙසෙසින් තම නැණ පමණින් පිරිසිඳ
අහසින් පානා මෙන් සුරඟග සොඳ
මෙලෙසින් එ මැතිදු බුදුගුණ කී සඳ
ඔහු තෙපුලෙන් සුබැසී
අසා මුනිදුන් ගුණ නිසි
නැවතත් අසන රිසී
නිරිදුගෙණෙ මේ ලෙසින් පිළිවිසී
උතුමැයි යන ලොවට
බඹසුරනරන් පසු කොට
පැවසූ නියම කොට
මෙතෙක් ගුණ ඇද්ද ඒ මුනිදුට
මුනිදුන් ගුණ වෙසෙස
දැනගත නො හී තතු ලෙස
නිරිදුන් කී එබස
අසා එ මැතිදු කියයි මේ ලෙස
බඹ සුර ලොව දෙරණ
ඇම තැන දනන් අපමණ
කියතත් ලැබ නුවණ
පමණ නැත අප බුදුන්ගේ ගුණ
![](/sayura/images/logo2.png)