32 පිටුව
 

කර වැල් අවුලෙන් නෙරිසත් වන දඟ
යම පල් බිළියෙන් අදනා ළඟ ළඟ
ඇම කල් දලවුල් වේතරණි ගඟ
සිහිලැල් දිය විය විලසින් සුර ගඟ


ගනබොල් යකබල් නිති ගිනි ගෙන රත්
ඇමකල් සිලිලොත් මෙන් සිහිලැල් වත්
ගිනිදැල් ලෝදිය ලෝකුඹු නිරයත්
මනකල් මලවුල් පිරිකුඹු සිරි ගත්


දරුණුව දස දහසක්‌ සක්‌වළ තුර
දුරු නොව සිටි එක රඟට ම ඇම වර
දුරුවිය ලොවැඳිරි නිරයේ ගනදුර
ඉරු සඳ සුවහස්‌ පෑවු මෙන් එක වර


හිම වන මෙරගිරි කුලගිරි සිරසේ
හැ දිවයින සල්වළ දස දහසේ
බිම සිට තුරු සිරට ම එකබද සේ
හැම තැන හැම මල් පිපුණෙය එම සේ


උරඟුන් ගේ ගත දුහුලින් රැස්‌වූ
මොනරුන් ගේ පිල් කලඹින් පිස්‌වූ
දිවියන් ගේ කෙළි මඬලෙහි රැස්‌වූ
වෙහෙලුන් අං දළුවෙන් කර කැස්‌වූ


උරඟුන් සතපා මුගටින් අරණේ
මැඩියන් නිදිගැන්වූ උන් දෙරණේ
සිවලුන් කෙළිමින් සිටි තුරු සෙවණේ
සහවුන් පෙම්කෙළි කෙළවූ එකෙණේ


උරඟුන් ගේ පෙණ මඬලට වණවූ
ගුරුළුන් පියතෙපලෙන් ඔහු ඇණවූ
නරයන් මෙන් සෙනෙහසිනෙක පණවූ
තුරඟුන් මිහිවුන් පියබස්‌ බැණවූ


බළලුන් ගේ වෙත නිති අරතරවූ
මිහියන් ගේ සිත ඇති බිය ඇරවූ
දිවදුන් ගේ වෙත පෙර තරවෙරවූ
කපුටන් ගේ සිත සෙනෙහස කැරවූ


කෙසරුන් ගෙනහැර දුන් නිය පාරෙන්

ගිජිදුන් සනහා ලූ රස ගොදුරෙන්
ගිජිදුන් ගෙන වත්කළ කරපොතුරෙන්
කෙසරුන් ගිම් දුර ලූ දිය දහරෙන්

(c) Shilpa Sayura Foundation 2006-2017