30 පිටුව
 

දිග පෑ දෙකක්‌ සිළ
මොළොක දක්‌වා නැහැතුළ
පළලින් මුළු නලළ
වසන දිව මුනිසදුගෙ පැහැදුළ


කුරවී කෙවිලි හඬ
මියුරැයි කියන බස මැඬ
දෙවා තුති තුඩ තුඩ
පවතිනෙය මුනිසදුගෙ කටහඬ


ඉදුනිල් මැණික රස
සරි කොට නො කියහැකි ලෙස
වඩවන සත සතොස
පහන් නිල්පැහැය මුනි යුවළැස


එකෙණෙහි මනරඟේ
උපන් රතු වස්‌සකුගේ
ඇසිපිය ගුළි රඟේ
පහන් ඇස්‌ ගුළිය මුනි සදුගේ


ඇද රියනක්‌ දිගට
හළ සඳමඬල සේවට
බැම මැද නළල පිට
දිලෙන උණුලොම්ය අප මුනිදුට


දිය බුබුළක්‌ ලෙසේ
වටව ගෙන සිටි සොඳසේ
නිල්මිණි රස්‌ ලෙසේ
බැබළි අප මුනිසදුගෙ සිරසේ


මෙලෙසින් බුදුන් බඳ
දෙතිසෙක ලකුණු මනනඳ
එබැවින් මුනිදු සඳ
පහන්තුරු සේ දිලෙයි හැම සඳ


නෙතැතිව උපන්ජන
කරවන මනොරංජන
මුනිදුගෙ නිර ංජන
අසූවෙක ඇඟෙහි අනුවැංජන


තම වන දෙස නැමි ඉස කෙනකුන්නේ
දෙස වඳිනා ලෙස නො නැමිය දෙන්නේ
තම යස තුති කළ වතට දනන්නේ
කලෙකත් පිරි දෙව් වැද්ද නො දෙන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017