කටියෙහි පටන් කොට
කඳට දක්‌වා සම කොට
රත් පලසක් ලෙසට
පිහිටි මස් ඇත්තේය මුනිදුට
මුළු තුන් ලෝ වියත්
දනයන් කරන නොවියත්
මුනිදුන්ගෙ කයත්
දිගින් එක පමණ වෙයි බඹයත්
සදහම් දෙසවනර
නො ඉපිළි නහර පැහැසර
මෙන් රන් මිහිඟු බෙර
වටව මොනවට සිටී මුනි කර
මුනිසදුගෙ උගුරා
සත් සියක් රස නහරා
සිටියෙන් තුඩු පුරා
@යැපෙයි මද අහරකින් සිරුරා
දොළොස්‌වක සදුගේ
මඬල හනු සීරදුගේ
පරයා එක රගේ
පිරුණු හනු දෙකය මුනිසදුගේ
පිහිටි දත් දෙනිකට
දෙතිසක් වේය දනහට
උස් මිටි නොව රුවට
පිහිටි දත් සතලිසෙක මුනිදුට
ගා ඇතුළත් පිටත්
සම කොට තුබූ සක් පත්
වුලසින් මුනිදු දත්
සිටිඋ උස් මිටි නොවී මඳකුත්
තෙලි තුසකින් සොදුරු
ඇඳි හිරි ලෙසින් පැහැතුරු
මඳකුත් නොව සිදුරු
වීදුරු සේ සිටිය අත් මුනිවිරු
සුදු රස් මනරඟේ
ලෙසින් සුර ගඟ තරඟේ
විහිදෙන දස දිගේ
සතර දළදාය මුනිසදුගේ