බෙදුයෙන් දහම් කඳ
බජනය කෙළෙන් ගුණ කඳ
බග දහමින් සසඳ
බැවින් බගවත් වීය මුනි සඳ
රන් මිරිවැඩි ලෙසට
වළ ගොඩ නො වී එක විට
වැද නැඟෙන මිහිපිට
මෙවැනි දෙපතුල්ය අප මුනිදුට
නැබ නිම් දිසි නිමල
අර දහසකින් මනකල
සියටක් රුවිනුදුල
මෙවැනි රියසක් දෙකෙකි දෙපතුල
පතුල සතරක් කොට
බෙදුණෙන් එකක් විළුඹට
දිලි රත් පලස් වට
ලෙසින් දිගු විළුඹු අප මුනිදුට
අඩු වැඩි නූ විතර
ඉඟුල් පලි[ සේ පැහැසර
රතැඟිලිය මුනිවර
මොළොක් දික් අක්සිහින් මනහර
පිටිපස ඉදිරි පිට
බැලුවත් දෙඅත්වර සිට
යටිපලු පෙනෙනු කොට
උස්ව සිටි බොලටයකි මුනිදුට
මුලින් දළ සිහිනග
වටව සිටි මස් එකරඟ
සොදුරු ඇල්ගැප් රඟ
කෙරෙයි මන දඟ මුනිදු යුග දඟ
දිලි මුනි දිව නෙතින්
කුදු මිටි නොවූ නියතින්
නො නැමී සිට ගතින්
දෙදණ පිරිමදිනේය දෙඅතින්
ඇදුරකු විසින් කළ
ඇල් කවුළු සේ නිකසළ
අතපය මුනි ලකළ
ඇඟිලි සම් අතුරු වෙයි පැහැදුළ