රහසක් පව් නොකොට
කෙලෙස'රයනුත් දුරුකොට
නිසි වූයෙන් පුදට
අරහ යයි නම කියති මුනිදුට
තුන් කල්හි ම පැවැති
පදරුත් සියල් ලොව ඇති
අතැඹුල සෙ දැනගති
එයින් සම්මා සම්බුදුන යෙති
විද්දෑ නැණ අටද
පසළොස් සරණ ගුණයද
ඇතියෙන් එ මුනිසද
පිරුණු විජ්ජාවරණ නම් ලද
යහපත් කොට යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොදුරු බස් කියතැයි
කියති ඒ මුනිරජුට සුගතැයි
තුන් ලොව තතු ලෙසට
දැනගෙන නො දත් මෙ ලොවට
දෙසුයෙන් නියම කොට
ලෝකවිදු යයි කියති මුනිදුට
හැම ගුණයෙන් නඳා
සම වැඩි සතකු ඇමදා
දියතෙහි නැති ස ඳා
අනුත්තරය යි කියති මුනිඳා
බඹ සුර යකුන් තද
දමනය කර තමන් ලද
සෙත් දී මුනිදු සඳ
පුරිසදම්සාරතී නම් ලද
බව කතරින් එතෙර
ලනුයෙන් සතන් ඇමවර
තිලෝගුරු මුනිවර
වීය සත්තා නමින් පුවතර
සියුසස් සිය නැණින්
දැන දැන්වීය කුලුණින්
දුරලයි අනුවණින්
ඒ බුදු නම් විය ගුණ පමණින්