මුවරදව මුනිවිරු
විද විද දුවන නරවිරු
වැටුණා වළ ගැඹුරු
බලා ගොඩලා කෙළේ බිය දුරු
වදුරුව එතෙර ගඟ
පැන වේවැලක් බැඳ ඉඟ
වානර සෙන් සමඟ
ගඟින් එතෙරව යන්ට කෙළෙ මඟ
මැස්‌සකු බොන විතර
ලෙහෙයක් නො සොල්වා වෙර
මහඔසු පඬිව පෙර
දිනී දඹදිව රජුන් එකවර
සීලව රද වරදු
නුවර ගෙන රුපු නරනිදු
මහවද කරන රුදු
කෙළේ තම සිත සිල් ම පිරිසිදු
බලව! සත සිත රඟ
පැවසූ දහම් මනරඟ
සිදු කර සැප සසඟ
සිටි පස්‌වාදහස් එකරඟ
බව දුක් විඳ ත දිනි
සිටින සත දැක නොම දිනි
ගොඩලමි යන සදිනි
දැනට අඹුදරුවන් ද බැඳ දිනි
මඟ පල නියම කොට
පැහැද ඔහු කී දහමට
වන් සත මොක් පුරට
කියත් සූවිසි අසංකයකට
දැඩි බැල්මක් නෙතින්
මඳ දොම්නසක් සිතතින්
කිසි අවියක් අතින්
නො ගෙන මරසෙන් දිනී එ මෙතින්
ගණනක් ද අතකින්
නො ඉගෙන දෙයක් පොතකින්
නො අසා ඉවතකින්
මෙලොව දැන නිමවිය නිසැකින්