බුදුබල මින් දැනේ
නො කීවත් බොහෝ මෙ තැනේ
වටුව ද උන් තැනේ
මෙ කප ගිනි නො ගනීය එ වනේ
වදුරුව උපන් කල
කළ අදිටනින් දසබල
පුරුක් බටදඬු වල
දැනුත් නැත්තේය උන් උන් වල
වදුරුව මහවනත
මිනිසකු වළින් ගොඩලත
එමෙකා තම මරත
ඔහුට මඟ පෑ කෙළේ මහමෙත
පිය රද යෙදූ වද
කම්කරු කරන ඉස් සිද
මව චලපිත වැළඳ
කෙළේ සමමෙත ම සත්මැසි වද
ගුණයෙක බුදු න්නේ
සිවි නිරිදුව උපන්නේ
ඇස් උපුට දුන්නේ
සිතෙහි පිළිසන් තොස ම දුන්නේ
පුණු යකු ගෙන දමත
වීදුරු පඬි කල එ සුගත
ගල සැට යොදුනු'සැත
වැටෙන අතුරෙහි ගණන දැනගත
ගිජිදුව මුනි සෙතළ
විදි වැද්දවුට සිට වළ
සියතින් කපා දළ
දුන්නෙ සතොසින් සවන් පැහැදුළ
දිව නයිව ද නොමඳ
වද කර රැගත ගත විද
ඈත ද දිව විස තෙද
රැහැණි නොව සිල් රැක්‌කේ ම-වෙද
මහජනකව පවර
නැසුණු තුරු දැක පලබර
සපිරි රජසිරි හැර
ගොසින් වන මැද කළේ තවසර
![](/sayura/images/logo2.png)