22 පිටුව
 

ගමනොත මුනිදුනා
සුරදු රජසිරි විදුනා
සිසිල් නල විදුනා
සලති සුදු සිනිදු වල්විදුනා


මුනිසදු වඩින තැන
දිවමල් දිව පහන් ගෙන
පුද කරති වෙන වෙන
දහස්‌ සුවහස්‌ පමණ සුරඟන


සිතුමිණි මෙන් ලොවට
සපැමිණි මෙ අප මුනිදුට
සුරසෙන් සිට දෙපිට
සලති පැහැ විහිදී මිණි තල්වැට


දෙවියෝ දිව මලින්
අසුර සෙන් සිත් පළොලින්
දිව නයි කඩුපුලින්
පිදූ ගිරිතුරු උපුල් කමලින්


සවනක්‌ රස්‌ දිගුත
පැතිරෙයි බුදුන්ගේ ගත
බඹලොව සිට බලත
අනෝලෝකිතය උන් මුදුනත


සැදි මුළුතුන් දියත
පිළිරූ පෙනෙයි සරණත
රූ සිරිසර සුගත
බලත අමරස වැන්න නෙත නෙත


එළිපත මිටිව යෙයි
උඩෙළිපත හෝ උඩ යෙයි
සත සිත තුටුව යෙයි
මුනිදු නො නැමීම ගෙට වැදයෙයි


නරඹා එක්‌ දිගත
මුනිදුන් දහම් පවසත
සිටි අය දස දිගත
දකිත් අප මුනිසදුන් වුවනත


සදහම් දෙසන සඳ
නිකුත් කටහඩ මනනඳ
කුරවි නදට නඳ
වඩා දහසක්‌ ගුණෙන් වෙයි නඳ

(c) Shilpa Sayura Foundation 2006-2017