ඇවිදිනු බැරි අම්මේ - රිදෙයි පය, සිහි නැත ඉති කිම්මේ
ඉවසනු බැරි අම්මේ - මගෙ පණ, යනවා නියති ම්මේ
නොදනිමි මගෙ අම්මේ - දරුවො, කොයි, ගියෙදෝ කියමිම්මේ
නිරිඳුගේ මනරම් මේ - දෙපය ලඟ, වැටුනා හිටු හිම්මේ
මෙහෙසිය වැටුන කලේ - නිරිඳුහට, සිදුවුනේ තද අව්ලේ
තනියම ඉඳ මෙ කැලේ - මේ ගැන ම්ම, මක්කරමිද මෙකලේ
ඇති නැති එපණ නලේ - සොයමි යයි, හිස තබලා උකුලේ
පැන්ගෙන පෙව්ව කලේ - සිහිය ලැබ, නැගිටි සනිට අසලේ
සාමිනි දරු දෙන්නා - අනේ කොයි, ගියෙදෝ ඇසුවෙන්නා
දේවිනි දන් දුන්නා - බමුණෙකුට, බුදුබව පතමින්නා
ඒ හැර සෝ ගින්නා - එයින් ගනු, කීකල සතුටින්නා
දීමෙනි සුපසන්නා - සාදු නද, පින්ගති විගසින්නා
