20 පිටුව
 

ළංව සිටි මරණට
වැදහොත් එ සක්‌ දෙවිදුට
තෙකෙළ සැට ලක්‌සෙට
ආයු දුනි එක බසින් එ ම විට


209. තබා තුන් පියවර
වැඩි කළ තිදස පුරවර
මුනිසදු පවර
කෙසේ පැවසිය හැකි ද සිරිසට


දසට රියනක්‌ ගත
රැගෙන අබළුව ඇතුළත
යත සැතපෙත ඉඳිත
සමත ඒ මුනි මිසක්‌ වෙන නැත


සවනක්‌ රසිනිදුළ
තල බිජු පමණ ගතිනළ
ඇම තැන එකෙළි කළ
අනත පිරියත් සියලු සක්‌වළ


දෙසත බණ එක විට
එක මගද බසිනෙ'ළි කොට
සිය බස ලෙස කනට
ඇසෙයි මුළු ලොව සියලු සතහට


ඔහු බණ දෙසන විට
වන් නද දහම් මඬලට
මිස පිරිස විතරට
නො යෙයි එක අඟලකුත් බැහැරට


වඩිමියි සිතු විට
දොර'ගුළු ඇරෙයි එක විට
දිගු දිගු කළ පයට
පිපෙයි සත්බුමු පියුම් මුනිදුට


වළ ගොඩ එ විගසේ
සම වේය බෙර ඇසසේ
දිව මල් වැසි වැසේ
සැදෙයි මුනි වඩන මඟ දෙපසේ


මුනි සඳ යත උසේ
වුවත් මෙර ගිරි සිරසේ
හිවු වේ බඩ සේ
නැමී පිළිගනිය පද එක සේ

(c) Shilpa Sayura Foundation 2006-2017