සඟ මොක් සැප දෙවති
අවා බිය දුක් නවතති
පිරි මෙත් කුලුණු ඇති
ලොවට උතුමෝ ඔවුන් මුත් නැති
200. උන් උන් තැන් පුදා
උන් වන් දෙසට නමෙඳා
යෙති බව දුක් මුදා
කියනු කිම උන් මහිම පහදා
උන් වැළදු පයද
උන් පදලසැති පහණද
උන් පිට දුන් රු කද
පුදා මොක් සැප ලබති දුක් සිඳ
ඒ මොක් පුර වන්දැයි
සෙත දෙන්ට පිළිවන්දැයි
නො කියව කුමන්දැයි
තමා පදගිරි තුරු ද වන්දැයි
තම රුව දුටු නෙතට
තම ගුණ සිතු සතහට
දුක් නො වදින ලෙසට
දෙසිය නිසි මග දහම් මෙලොවට
මිසදුටු මුලුපුළේ
අටඟ මඟ බිජු වපුළේ
දහම් ගඟ දියළේ
ඔවුන්ගෙනි සෙත දියත පතළේ
දිය සේ බිම ගිලෙත
බිම සේ දියෙහි ඇවිදිත
අහසත් එම කරත
සමත වෙති එ මුනි සෙවුනා සත
206. දින දින දිනිදු මෙන්
කරරස නොව න සිදු මෙන්
නො නැසි විදු කිදු මෙන්
වැජඹි අඩු නො වන පුන් සදු මෙන්
ලෙඩට දිව ඔසු සේ
මරුකතර පුල් විලසේ
දුකෙහි පිහිටක් සේ
පිහිටි දොර දොරෙහි කප්තුරු සේ
![](/sayura/images/logo2.png)