සිහි නො කළ දින දින
ඔහු බස් නො වන් කන කන
නො දත් ගුණ පැන පැන
නොවෙයි ඔහු මුල් නො කළ පින පින
මුනිදුන් නුදුටුවෝ
වෙති බව දුකට බටුවෝ
ඒ මුනි සඳ දුටුවෝ
ඔහු ම වෙති මොක් සැපත දුටුවෝ
මුනි බණ නො ඇසුවෝ
වෙති සසර බැස විසුවෝ
ඔහුගෙ බස් ඇසුවෝ
ඔහු ම වෙති සසර දුක් නැසුවෝ
ඔහු ම ය නො දන්නෝ
මුනි බස රස නො දන්නෝ
ඔවුන් ගුණ දන්නෝ
උමය සඟ පවග සැප දන්නෝ
කුමකින් කුමන්දෝ
නො දනිති අන්දමන්දෝ
මුනි සරණ වැන්දෝ
උ ම ය මොක්‌සිදු වැද කිමින්දෝ
බඹ සුර නිරින්දෝ
මුනි පදතඹර වැන්දෝ
මුදුනැඳිලි බැ න්දෝ
උ ම ය අතබැවෙහි පල වින්දෝ
දිටු කිලුටු වන්නෝ
වෙති පසුතැවිලි වන්නෝ
ඔහු සඑණ වන්නෝ
උ ම ය බව පරතෙරට වන්නෝ
තම බස වන් සවන්
සකසා රුවන් දෙනුවන්
සැදැහෙන් වන් ලෙවන්
බහයි මග සැපත වන් එ නිවන්
බව දුක් ගිනි නිවන
සත මග පෙලෙන් පිනවන
නැත සරිවන දෙවන
කෙනෙක් මුනිදුට තිලෝගුරු වන