අස ම බස සමත්තේ
නො දනී මේ තැනැත්ත්තේ
ඔහුට බිය ඇත්තේ
එයින් යගදා යුදය ගත්තේ
සක් බෙල්ලකු පිඹිය
රා දොස් සිතින් නොතිබිය
ඔහුට ඇති කල බිය
කෙසේ දුරලයි ද නරයන් බිය
ලබමි සෙත ඉදිරි
ඔහුට කරනා පුද සිරි
ලබනුව තෙල් මිහිරි
තබා අලළන වැන්න ඔටු කිරී
පෙර බුදු බණ අසා
බුදු ගුණ උගත් සකසා
මැතිඳෙක් එ විගසා
එ රද මැද මෙසේ පවසා
අප මුනි තිලෝනා
හැර කියන බස් මෙ දනා
ඇර කිරි පිරි තනා
වැන්න අඟ රැගෙන කිරි දෝනා
ලැබ දිවැ'ස නිකසළ
බැලුවත් සියලු සක්‌වළ
මුනිදුන් මිස උදුළ
කෙනෙක් නැත සත් ලොවට සෙත් කළ
මෙරගිර සරි ගිරෙක
රිවි සඳ සදිසි පහනෙක
නැත සිදු සරි සරෙක
එමෙන් නැත මුනිසදුට උවමෙක
ඔහු නො වැඩි දෙස් දෙස්
ඔහු දෙස නො නැමි ඉස් ඉස්
ඔහු නුදුටු ඇස් ඇස්
නොවෙයි ඔහු ගුණ නොවැකි බස් බස්
සිහි නො කළ සිත සිත
ඔහු ගුණ නො කී වත වත
ඔහු නො වැඳි අත අත
නො වෙයි එ සරණ නො ගත් සත සත