අයකු පිළිකුල් වන
අයකු සිත රා වඩවන
ලිඟු සටහන් රැගෙන
කළැයි පුද පල කිම් ද ඉන්වන
සිත දුසිරි කිලුට
පින්කෙත් නොවන මෙ ලොවට
කරන පුද ඉසුරුට
ගලෙක වපුරන වැන්න බිජුවට
ගත් යගදා අතට
පත් දිව ගුරුළු යහනට
වැද සමුදුර දියට
සැතපි නත නා දරණවැළ පිට
තෙදියත උවිදු මය
නැත වෙන කෙනෙක් එ සමය
පුදයට නිසි එ මය
කීය පුද කරන ලෙස මහිමය
උවිදුන් ගුණ වෙසෙස
පළකර කියත මෙ බස
සිට නිරිදු අබියෙස
කියයි මැතිඳෙක් සෙබෙහි මේ ලෙස
ඇතිහට පැන් පවස
ලුණු දිය ගෙන පොවන ලෙස
විඳිනා මේ වෙහෙස
දෙව තව සලසයි ද දුක් රැස
නො බා ලොව නින්දා
ත කිවත් අන්ද මන්දා
පුදකර උවින්දා
ඇද්ද ඇසුවා වැඩක් වින්දා
ඇම තැන උවිදු ඇත
සීතාව වෙන් වනු නැත
ඒ නිසා යුදත් ඇත
කුමට පැවසී ද මෙ බොරු මැත
වදුරකු පීනු මුහුද
එතරව යා නොහි ඉඳ
ගියෙල රම් හේ වැඳ
මෙසේ වෙද මෙ ලොව දෙවියන් තෙද