එ මැතිදු බස් අසා
මැතිඳෙක් කියයි මෙලෙසා
ඇති දුක් මඳ නිසා
තමන් දුක් ගෙනලයි ද එ වසා
දෙවියෝ නම් සගය
පැලඹෙන අයෙකි සස ගය
උන් රූ මනරඟය
විසුළු වෙස් ඇති නො වෙති මෙ රඟය
උතුමෝ ලියන් වෙත
නො ඉඳිති විළින් දැක සත
මෙහෙසුරු උමා කත
තබා රකිතී කියයි සිය ගත
පවතින මෙ ලොව රැක
නැති තැන හිරි ඔතප් දෙක
ඔහු වැඳ පුද නොයෙක
කළැයි වැඩ සිදුවේ ද නිකලෙක
අවි අන් වැනසුමට
නැත වෙයි තමා රැකුමට
එයින් තිසුලවිහට
ඇතැයි රා දොස් දැනෙයි මෙ ලොවට
රා දොස් පව් මිදී
දිසී උතුමන් තිබැදී
සිටි කෙලෙසුන් බැදී
ඔහුට පුද කොට කිම් ද පැහැදී
සසරෙහි සබව දත්
සිල්වත් දනෝ නැණවත්
තුමූ රඟ නො කෙරෙත්
අනුන් කළ නැටුමකුත් නො බලත්
නළු වෙස් ගෙන එසේ
නටන කල හැම දවසේ
උන් පිදුවයි කෙසේ
වැඩක් සිදුවෙ ද ලොවට සිත සේ
දඳ දන බස් අසා
කරන පුද ඔහු උදෙසා
දිඹුලෙහි මල් නිසා
දියැ'ද දුක් විඳින වැනි වෙහෙසා