ගොන් මස් නො ලදිනි
මෙපමණ කවයි ඉතිනි
කියමින් වලගිනි
ගසා දිය එව නිවීය එ ගිනි
උපන් බමුණන් කුල
නුනණැ'තියවුන් පෙර කල
නිසරු කොට හැරි කල
එවැනි ගිනි පුද කළැයිල
ගිනිදෙවියා කැමැති
ගෙයි ගෙයි තබා කර රුති
නො නිවා රකිනි නිති
මෙ ලොව ගැනුදු ලෙඩ වෙති
කලකින් බමුණු දන
උදෙසා තම ලබන දන
ගිනිදෙවියා පුදන
පුදෙන් පල කිම ලොවට සිදු වන
ගෙන බමුණන් කතා
කරවන යාග මෙ සතා
සුවඳැල් වී පතා
අකුරු වපුරන වැන්න නියතා
තිසුලවි ගත් කරින්
කළු පැහැ රැගත් උගුරින්
සමිසළු ගත් ඔරින්
අඩක් උමයඟන ගත් සිරුරින්
දළ අඩසඳ බැඳින
ගොර සප්හරක් පලදින
රඟ කරන දින දින
මහලු ගොන් වාහනෙන් ඇවිදින
ලත් පද මහවියා
සිර සුරගඟින් දෙවියා
අනගරුව දැවියා
යෙහෙකි පුද කරන මහ දෙවියා
එම මහ දෙවිදුහෝ
නොහොත් සිවලිංගය හෝ
වැඳ පිදුවොත් බොහෝ
දතී කී ලොවට සෙත් අම හෝ