නොයෙක් දෙය රැස් කොට
කළ පුද ගිනිදෙවියහට
සෙත වෙයි යනු ලොවට
පැවති බොරු මායමකි පෙර සිට
බරණැස පෙර කලෙක
බමුණු මහසල් කුලයෙක
ගුණ නැණ යුත් නිසැක
උපන් පින්සර බමුණු උතුමෙක
සව් සතර සමුදුර
දැක නැණ නැවින් පරතෙර
පසිදුව ලොව පවර
තමා බිහිවන දිනෙහි ගුරුවර
නො නිවා තබා රැක
දුන් ගිනි රැගෙන වනයෙක
වැස අවුරුදු නොයෙක
පුදත ගිනි දෙවියාට දවසෙක
සිඟා ගිය තැන ලද
ගොනකු ගෙන'වුත් ගස බැඳ
කෙරෙමි මසින් අද
සිතා ගිනි දෙවියහට මහපුද
ලුණු නැති මස් පුදට
නපුරැයි සිතා ගමකට
යාදී ඔහු ලුණට
අවුත් වල වැදි දනන් එතනට
එගොනා මරා මස්
පලගා කමින් නොසරස්
උන් ගිය සඳ එ ගොස්
බලා ගොන් නඟුට කුර ඇට රැස්
අප රකිනා තබා
තොප සතු ගොනා නො තබා
කන තෙක් වෙත තබා
බලා උන් කෙනෙකි තෙපි අසබා
එයින් ගිනිදෙවි නැත
පින් නැත පුදෙන් පල නැත
බොරු බස් ලොව පැවත
කරන පුදයක නුවණ නැති සත