12 පිටුව
 

එ මැතිදු කී බසට
මැතිදෙක්‌ කියයි මෙලෙසට
ලෙඩ දුක්‌ පත් අයට
තවත් උවදුරු දෙයි ද පිට පිට


බොරුවේ මතුරු බැඳ
වලහන ලෙවන් හැම සඳ
බමුණන්ගෙන් දුලද
වැඩෙක්‌ වූයේ ලොවට කිකලද


ගහයෝ නම් අඹර
දෙවියෝය ඌ සුරපුර
නො ගනිති අන් අහර
උදක්‌ අමරස මිසක්‌ මනහර


එයින් උන් පෙර කළ
කුසලින් උපන් නිකසළ
අනික්‌ කෙනෙකුන් කළ
දෙයක්‌ උදෙසා නො වෙයි එ පහළ


සිදු දිය ලෙස නිසග
පමණ නො කළකි සැප සග
නරලොව සැපත රඟ
රැදුණු පිනිබිදු වැන්න තණ අඟ


සියු සිය ගව් අසල
වූ නම් නරෝ යම් කල
දෙවියෝ තමන් ගෙල
දැවටි කුණු සේ කෙරෙති පිළිකුල


එබදු සුර ලොව සිට
දෙවියෝ අවුත් මෙ ලොවට
තමන් දුන් අහරට
තුටුව සෙත කෙරෙති යෙති රැකසිට


නරලොව දෙන පුදට
රිසි වත දොරින් දොර සිට
සුරනැයි යනු කුමට
දුගී යාචකයන්ට එ නිවට


ගැනුමට අන් ඉසුරු
උපමා යොදා විසිතුරු
කෙරෙති යාග බොරු
කෙසේ දුරු වේද ලොව උවදුරු

(c) Shilpa Sayura Foundation 2006-2017