10 පිටුව
 

විකුමට නිබොරුවට
දෙන මහදනට දන හට
දිවි සතරවනු කොට
රකින සිහිපත් ඇතිව හැම විට


පිරි සුසිරී මගේ
සිටි මැතිවරන් ස මගේ
රකින නිති ස මගේ
කවර වරදෙක්‌ ද ඔබ ඇ මගේ


නිරිඳෝ එබස'සා
මැතින් වෙත නෙත් සලසා
කියව කිවු නොලසා
එ දුක්‌ පහවන කරුණු විමසා


නුවටුන් බස නිවට
දැවටී පිවිටු සසරට
නට ගුණ ගත් ගුණට
එවිට මැතිදෙක්‌ සෙබෙන් නැඟි සිට


නිරිදු පද තඹරට
නම කර සෙමෙන් නැඟි සිට
දිලි බදැඳිලිව සිට
මෙසේ දන්වයි තෙපුල් සබයට


සිත කෙලෙසුන් පසිඳ
සැනහුණු නිවන් පුර වැඳ
බුදු කෙනෙකැ'ත මෙසඳ
පවර පුරණ කසුබු නම් ලද


කළ සතන පිරිසිදු
තපෝ ගුණයෙන් පිරිසිදු
ඇත බුදු කෙනෙක්‌ සිදු
කතුද කසයින් නමින් පරසිදු


දුසිරි සිත නැවැති
තපෝගුණයෙන් ලද තුති
බුදු කෙනෙකැ'ත තෙදැති
අජිත කෙස්‌කම්බලි නම් ඇති


තුටු කළ සත සතන
දිලි තව තෙදින් ඇම තැන
බුදු කෙනෙකැ'ත සොබන
නිගටනත පුත් නමින් බබළන

(c) Shilpa Sayura Foundation 2006-2017